ආලෙන් වෙලා ගන්න | Alen Wela Ganna by Athula Adhikari

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා

මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා

Leave a Reply