in Athula Adhikari

තාරුකා පෙලින් එහා | Tharuka Pelen Eha by Athula Adhikari

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිඳින්න එන්නලු ආදරේ කුමාරි හා

කඳු නිම්නේ අප දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිඳින්න එන්නලු.. එහේ ගිහින් ඉදින්නේලු

banner

Leave a Reply