ආදරෙ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්
ආදරෙ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුනු ඔබගෙන් තරම්
ඔබ මැවූ පද පෙලින්
මා හදේ ගීතයක් ලීවා
නොමැකෙනා පද වලින්
ජීවිතේ තනුව මම ලීවා
උපදීනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා
කටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සරසමු
ඔබෙ හැඬුම් මගේ කියා
සමසිතින් අපි විඳගමු
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා
written by Pradeep Rangana