ශිල්පය පිහිටන්න | Shilpaya Pihitanna by Pradeep Rangana [2022]

Sinhala song lyrics with music notes illustration

සිත් කිරි සුවදින් ලිත් පුරවා
සියොතින් රෑනෙන් ඉගිල ගියා
මතකේ රැදේ අභිමානයෙක්
ජීවිතේ ලිව්වා

සෙවන දැරූ ගුරු උරුම පුරා
සුව දිනන හීන පෙන්නා
ලොවක් සනසන
නමක් වෙන්නට ගීතයක් කිව්වා

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න

මිතුදම් සුවදයි
මේ පිටු අතරේ
කෙලිලොල් මතකේ
පන්තිකාමරේ
තාමත් රැව්දේ ගුරු දෙව් මතකය
හද පතුලේ
තාමත් රැව්දේ ගුරු දෙව් මතකය
හද පතුලේ

සිත් කිරි සුවදින් ලිත් පුරවා
සියොතින් රෑනෙන් ඉගිල ගියා
පොත් පටුනේ ඇතු හැගුමන්
අපිට කියා දුනා
බලා සිටියේ නිහඩව දෑසින්
පෙර මග පාවඩ එලලා
ලොවක් සනසන
නමක් වෙන්නට ගීතයක් කිව්වා

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න
පොත් වලට ගරු කරන්න

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න
පොත් වලට ගරු කරන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply