අයෝමය | Ayomaya by Drill Team ft. Manasick, Master D & BEE

Sinhala song lyrics with music notes illustration

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්

එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

සිංහයින් කාලේ හරි කොපුවට කඩුව දාන්න
මර්ධනයට මැදගිල්ලක්ම පාන්න
මගේ ප්‍ර ප්‍ර ප්‍ර ප්‍ර ප්‍රමාණ
කෝ සුවාරිස්? කෝ දාස හපුවලාන?

උඹේ අයවැයටමයි ඔක්කොම ගොත
උන් “හීන් සැරයේ” විද්දා උඹේ බැංකු පොත
ජන ගඟකට එක් වෙයන් පොද
සිංහ කිරි එරූ මෑණියන්ගේ ජාති වාදී යොද

ඌ සාගරේ පලන් සූරයෙක්
උන්ගේ “කන්දේ ගෙදර”ම කනත්තක්
මමයි සෙනෙරත් පරණවිතාන
උන්ගේ ඉතිහාසේ ගොඩදාන
පුරුද්දක්, ඒක පුරුද්දක්

මං දන්නවා බොලගේ චක්කරේ
ඉල්ලලා සිංහල අක්කර උබලයි පත්කරේ
පොඩි කාලේ ඉඳන් රජයි පුරෝහිතයි
මට විශ්වාස නෑ, පිහිටෙන් “විජය පත්තරේ”

තාත්තෙක් වගේ ඇනපු ටොක්කක් මේක
“සිංඤෝරේ” උබටයි, සුනිල් ගී!
උන් “අපිට සැදුව අපේ ලෝක”
නිකං බයිස්කෝප් බැලුව වගේ සුනිල් ටී

බොලගේ බඩේගින්න ඇවිලිලා
ඒ ගින්න පාගන්න බයයි උනත් “කාලෝ”
උන් දේවදාසි වගේ පාර්ටි දාන්නේ
නිසා නෙමෙයි යකෝ පාරෝ

ඇයි නිදහසක් සමරලත්
පොදු ජනතාවට විතරක් බාධා,
ගනිං ගලවලා බාටා සද්දේ
සෙනගක ස්පාර්ටා,

තාන්නම් ගනී, හරි ගාන නම්,
කඩෙත් ගිහින් තවත් මදි, ගුටි කාලනන්,
තවත්බලා ඉඳ බෑ කරබාලනම්,
මාව නවත්තන්න බෑ තග දාල නම්

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්

එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

උන්ගේ උගේ පවුලේ අවුල
දුරින් ගව්වේ ගව්ව පතුරා ඒ දුසිරිත් මාන්නය
කරින් තාම තනිකර මිනිස්සුන්ගේ ප්‍රාණය
ගැබ් ගත්තු තුන්හෙල හරක් සත්තු
මනස්කාන්ත වු ගැබ් ගෙලක්

නාමී අම්මාගෙන් ඉල්ලා හඩයි
වායු තලේ පුරා සරයි
ඉතින් උන්ට සද තරන් කරන්
දුර ගමන් ගොසින් එන්න සිරි සිත සිරකරයි
අසම තැනක සිට සබද සම සමග

රිදෙන විස විදින අස වැසිල්ලකින් ලද
අසම උස මුදුනෙන් බැස වරක දවසක්
ඔය දෙඇස් ඇර සවන් පත් විදා සිව් දෙස
මං නම් ඉන්නේ ඝන අදුරේම වස්සන්න
බල්ලොත් එක්ක නිදාගන්න වෙයි

දෙන්නෙපා රට මැක්කන්ට
හිස් වෙලා ගියා කලගෙඩි
මොලගෙඩි බෙලිගෙඩි
ඇතුලේ වස්සන්න
ගලබඩ වත්ත ඉන්න තැනින්

ගිඩි ගිඩි ගිඩි කියල බස්සන්න
බරපතලම යථාවාදී කතාවකට ඉඩදෙන්න
නිසි බර පතලක් නැති උනාම පිටවෙන්න
කාටද බැරි ගෙදර ඉඩකඩම විකුනන්න

කාටද බැරි සැපතක් කියාන අම්මට පිටදෙන්න
මට පුළුවන් කොටන්න ඇටසැකිලි වෙනකම්ම
බිත්ති පුරා අදින්නම් කැපුණු ඇගිලි පුරුකෙන්ම
හිසකපා ඉවරයි පරපුරක අළුවෙන්න හැසිරෙන්න
නිහඩව ඉන්න පිරිසට මෙන්න විසිවෙන්න

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්

එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

written by Master D & Manasick

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.