හාමත් සතෙක් | Haamath Sathek by RUDEBOYRAY [2018]

Sinhala song lyrics with music notes illustration

මම වින්දෙ ප්‍රාථමික, මන්ද මානසික සිතුවම් – මෙතුවක් කල්
ගෙතුවත් පද මට වෙන්න ඕනෑ නෑ තරුවක් නම්
හිල් කරන් මොළේ බිත්ති, හිරකරන් විත්ති හිතේ හතරතේ බලං
තනිවම හොඳයි මට, තනිකම සැපයි මට – මම – මට – මගේ වෙන්න ඇත්නම්
මාව රාමුවක් අස්සේ හිරකරන්න හදන ලෝකයා මගේ සතුරෙක්
මට මාව නිදහස් කරන්න උරදුන්න කාබන් පෑන මගේ මිතුරෙක්
මුළු ජීවිතේ ම නරක විහිළුවක්, කවුරු මොනවා කිව්වත් මට වැඩක් නෑ
අනුන් හදපු වංගගිරියක මැරෙනකං දුවන එක මට දැන් ඵලක් නෑ
අපි වල්මත් වෙලා මැද පවුරු, වහන් ඉන්නේ අපි කවුළු
පිං පෙට්ටිය ට නඩු කියන කාලේ කොහොම විශ්වාස කරන්නේ අපි සිවුරුත්
චිත්ත – චෛතසික පට්ට ෆැන්ටසි, බැහැරි මිටින් පහර කාං රියැලිටි
හිතින් අඬන් දත්වලින් සිනා සිසී
මිටින් අරන් දුක හුස්මෙන් උරා ගනී
ගබ්සා කරන් සිතිවිලි මරං – පිච්චි පිච්චි ඇතුලෙන් හඬාං
දෙයියෝ බැලුවානම් සියල්ල සාරයි, පූජා වට්ටිය ට සියල්ල බාරයි
ආකල්ප වටේට අපි වැටක් බැඳන් – වැටෙන ගැට වලට අපි ගැටත් ගහන්
ඇට නැති දිවෙන් කට මැත දොඩන්, වට පිට බලන්, කැට කොළ ගැණන්
සීට්ටු දාගෙන ජීවිතේ ම අපි පූට්ටු කරගෙන දත් ඇඳි
මාට්ටු වෙනකන් කරුමෙට, පාරට්ටු කරගෙන ඇස් බැමි
ජේත්තුව ට මහ මග ඇවිදිමු අපි වාත්තු කරගෙන සිතිවිලි
කාර්තුව මිස් වුණ දාට රෑට අපි ආයෙත් කමු බං කිරිහොදි
අසමතුලිත ගුප්ත චරිත මැද, වත්තම් නෑ මට මගේ හිත
සිත්තම් – ගොතන් – පතන් – බැඳන් පොදි – ඉන්නම් බලං – කඩතුරා – දෑස් හැර
අතින් අරන් හිස් වලට උඩින් හිත්වල ගිනිවලින් දැවෙන විලක්කු
මේ ලෝකේ ඉවකරන හාමත් සතෙක් මං, ඒකයි බං මෙච්චර ම කුලප්පු

හාමත් සතෙක් හාමත් සතෙක් [මං]
හීන හොරු අරන් අපෙත් [shit]
(අපිටත් නොදැනී අපිටත් හොරෙන්)
හාමත් සතෙක් හාමත් සතෙක් [ඔව්]
මේ ලෝකේ ඉවකරන හාමත් සතෙක්
(බොරුව තවරන් මුළු ආත්මෙත්-ගතෙත්)

හාමත් සතෙක් හාමත් සතෙක් [මං]
හීන හොරු අරන් අපෙත් [shit]
(අපෙන් අපිවත් හොරකම් කරන්)
හාමත් සතෙක් හාමත් සතෙක්
මේ ලෝකේ ඉවකරන හාමත් සතෙක්
(බොරුව තවරන් මුළු ආත්මෙත්-ගතෙත්)

මගේ මනසත් එක්කලා තර්ක කරන් මම ගියා දුර ගමනක්
ලේසි නෑ පුතේ මේ ජීවිත කථාව මේක දුර ගමනක්
ආත්ම නැති ඇටසැකිලි පිරුණු මේ රට මරු කතරක්
“කේයස්” ගේ කවියේ හැඩ දැක්ක එවුන් ඇයි අද දකින්නේ මගේ ඇද විතරක්
සිස්ටම් එකේ පිස්ටන් මැද මම තාම ජීවත් වෙන එකත් විශ්මයක්
දර්ශන පථය පටුයි අපේ, මේක ප්‍රේක්ෂකයො නැති විශ්වයක්
ආසයි හිඳ බලන්න ට මාත් වට පි⁣ට කුඹ ගහක මුදුනේ
නිතරම කියවන තොපිට ලෝකේ ගැන කියවීමක් නැති එකනේ පුදුමේ
ඉන්නේ දාගෙන ලණුවක් අපි නාහෙට, බාගෙට ඇස් ඇරන් අඩමානෙ ට
නැතිකම ට තියෙන දේකට සෑහිලා, ව්‍යාජ ලෝකෙක බාගෙට ඇහැරිලා
හිත තමයි කන්නේ මොළේ තළුමරං, බොරුවමයි අදහන්නේ සළු වඩං
ගෙන්දගම් පොළොවේ දූවිලි කන මට හීනත් මරු බං ඇහැරෙන් නැත්තම්
දන් දෙන්නේ පින් ගන්න විතරම ද? අපි පව් කරන්නේ එතකොට හිතලාම ද?
කාටවත් ඕනෑවට ඉපදිලා අපි විඳවන්නේ ජීවිතය විඳලාම ද?
ඔක්කොම පව් පුරවන් අපි හැළියක හැඳි ගානවා කලවමේ
පින් කරන්නේවත් කොහොමද මල්ලී, අපේ හිතත් දැන් ගිහින් අවලමේ
සමාජ රටාවේ අනුගත වුණ න්‍යෂ්ටික – විස්තෘත පවුල්
තත්පර කට්ට ට පැරදිලා දුවනවා ගිනි අරන් රැවුල්
පොඩි කාලේ ඉඳන් අච්චුව ට වැක්කෙරෙන උඹලා ගේ හිත් බං අවුල්
අපි ඔක්කොම බල්ලෝ තමයි ඒත් උඹ පොමරේනියන්, මම බ්ලඩ්හවුන්ඩ්
දාගෙන වාරණ අපිට ම අපි ළිං කටෙන් ලෝකය බලාං
අපේ ම හොඳ අපි – අපි ම කියං බිඳිනවා පාළු ගෙයි වළාං
නාඩගම් දැකලම ඇතිවෙලා හදවත කඩන් වටෙනවා “සලාං”
මේ රටේ ම ලග්නේ වෘශභ ද බං, මට පේනවා හැමෝටම තියෙනවා අං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply