සිත්තමක් | Siththamak by Kelwiz [2022]

Sinhala song lyrics with music notes illustration

තුරුම්පු ආසි තියන් හිටියට වැඩක් නෑ දන්නැත්තං කරන්න සෙල්ලමක්
මං ඉල්ලමක් උනත් ඉල්ලන්නේ එක පාරයි නැත්තම් දාන්නේ පිල්ලමක්
මම පාට කරේ මාව තනියෙන් ඒකයි උනේ මං ලස්සන සිත්තමක් දැන් වටින් ගොඩින් කට්ටිය කියන්නේ අඩෝ උබ මාර චරිතයක්

ඔව් මං චරිතයක් උනේ නිකන් නෙවෙයි මම ගැලුවා මගෙම කට්ට
මම ඉගිල්ලුනේ හීන කරා තනියම හයියයි මගේ අත්තට්ට
මගේ පැත්තෙන් හිටියේ එක යාලුවයි උගේ ගති ගුන ඇත්ත
අඩෝ දෙපාරක් හිතන්නෑ උබ වෙනුවෙන් මං කනවා කිව්වා මේ කට්ට

උබ ඇතුලේ මං එළියේ නිරා කරන්න දෙයක් නෑ
මං දන්නවා මේ යාලුකමෙන් දැන් මට සමාවක් නෑ
හැබැයි එන දවසක ඇත්ත තේරුම් ගනින් උබ පමාවක් නෑ
උබ වෙනුවෙන් මේ වචන ලිව්වේ මට මහන්සියක් නෑ

ඔව් මං කියන්නේ ඇත්ත මේ රැප් වෙලා මට Sick
මම දුකයි සතුටයි දෙකම කිව්වා මේ කලාවට වේවා පින්
වටවෙලා ගොඩක් අත්දැකීම් මම වෙන්න හදන්නෑ බං King
පාඩුවේ යන මං ඇවිස්සුවොත් වාඩු ගන්නවා Bonus පිටින්

සල්ලි නැතුව කරේ Market මං මගේ Talent එක
උබලා බොරුව පෙන්නලා යන්න හැදුවනේ සෙල්ලමේ උඩටම
කෝ උබලා කෝ මට පේන්නෑ මං ඇවිත් ඉන්නේ ගොඩක් දුර
මං දුප්පතෙක් මම දන්නවා කට්ට නැ මවන්නේ මං සුරපුර

ඒ දුබල අදුර මැද්දේ එළිය හොයාගෙන මං ඇවිද්දා තනියෙන් ගත්තා හිතට සවිය
අනාගතේ හීන මවාගෙන ඒ වෙනුවෙන් අඩාගෙන කදුලු පිසදාන් සිනාසෙමින් මං තනියම
හීන වලට නෑ පමාවක් ගරහපු උන්ට නෑ මගෙන් සමාවක්
උබලව නලවන්න පිනවන්න සනසන්න හදවන්න කෙලවන්න වෙන්නම් මං කලාවක්

කෙලවෙන හැම වාරයකම මට අම්මා කිව්වේ මගේ පුතේ..
කව්රුත් ඉන්නේ බලාගෙන හිනාවෙන්න කෙලවෙනකන් හදාගනින් උබේ ජීවිතේ
මං ගනන් ගත්තේ නෑ කිව්ව දේවල් මම දිව්වා පිස්සෙක් වගේ හීන පස්සේ
අම්මා තෙමුනා නේද ඒ කදුලු වැස්සේ ඒ කදුලු වලින් අනාගතේ මං දැක්කේ

සමහර වෙලාවට අතරමං වෙලා මම හොයනවා මම කව්ද
ඔව් මං කව්ද තේරුමගත්තා මම හදාගත්තා නම මහවත්ත ගම
හැදුනේ රාගම අම්මා තමයි පන වෙන්නෑ මම සම
ලංකාව රට හිතේ නෑනේ ලප අවංකයි ඩෝ මම
මං වගේ එකයි ඉන්නේ ඒ මං ලග

අල්ලන්නේ මං එක පිට එක එක Flows
අදාළ නෑ මට උබේ තුරුම්පු ඩෝ
මේ වචන රස්නෙන් මං දෙන්නේ දැන් හදට මේවට වැදිලා Dope
වෙනස් කරද්දි මං Flows වටේ ඉන්න කෙල්ලෝ කිව්වේ ෂෝක්
ඔවි තිබ්බෙ අත මං පිටියට මේ සෙල්ලම උස්සන්න ඩෝ

ඕන පිරිසක් මං කරන්නම් Hack ඒ තරම් මලේ වචන ප්‍රබලයි
අපලයි කියලා දේවල් මං නොකර හිටියේ නෑ කරපු දේවල් දැන් සපලයි
අතර මැදින් හතර වටින් චරිත නඩත්තු කරන උන්ගේ කයිවාරු විතරයි
දෙබැත්ත කොටවලා අගේ ඉදන් කන කන නරයෝ නාවලා මං ඉවරයි

පෙන්නන්නේ මං මැදගිල්ල එපා මට සැනසිල්ල හුරුයි ඕන කටිටක් මම වින්දා දුක ඇතිවෙන්න
අපි ඉන්නේ නැති වෙන්න ආගමට ලැදි වෙන්න ලබාගන්න දේවල්
ලබාගන්න එපා පැකිලෙන්න
හීන වලට පනදෙන්න හදවතට කන් දෙන්න දුක දැනෙන තැන්වලිනි අමාරුවෙන් වෙන් වෙන්න
පිටින් පේන විදියට එපා චරිත මනින්න ජීවිතේ අමාරු කඩුළු හිතේ හයියෙන් පනින්න

පාරක් ලැබුනු වාරයක් ගත්තා ප්‍රතිඵලයක් දැන් ඒක ධනයක්
මතකනම් වනයක් වැටුනා ගොඩක් සැරයක් හැමදේම පැනයක්
සල්ලි උනා ගින්නක් පිච්චුනා මිනිස්සු ගොඩක් අය කිව්වේ මට පිස්සු
ඒ පිස්සු කියපු සෙල්ලම පස්සේ දිව්වා දන්නෙම නෑ ඒ සෙල්ලම මාව ඉස්සුවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply