සත්තයි මට ඔබ | Saththai Mata Oba Wage by Dilki Uresha

Sinhala song lyrics with music notes illustration

ආදරේ කියන්නෙ
අරුම පුදුම නැවතුම්පලක්
කොතනින් පටන් ගනීද
කොතනින් නතර වෙයිද කියලා කියන්න
කවුරුත්ම හරියට දන්නෙ නෑ

සෙවනැල්ල සේ
ඔබ උන්නු කාලේ
මට තනිකමක් දැනුනේම නෑ නේ
අද මගෙ ලගින්
ඔබ නොමැති මොහොතේ
මට දැනුනේ නම්
මහ තනිකමක් නේ
ජීවිතේ නුඹ නමින් තනි වුනා

හමුවුණු තැන් වල මතකය විතරයි අද ඇත්තෙ
අපි ගිය මාවතේ අද මම විතරයි පියමැන්නෙ
මියගිය ප්‍රේමය හදවත පත්ලෙම මාගේ
සදහටම මිහිදන් කලා

සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ

සුවදත් දැනේ
මට ඔබගේ පපුවේ
මගේ වෙදනා ඔබ දන්නෙ නෑ නේ
මැරුනත් හදේ
තියෙනා මේ සෙනෙහේ
වෙනසක් නොවේ
සංසාර ගමනේ
ජිවිතේ ඔබ නමින් තනිවුනා

සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ

written by Nisal Fernando

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply