සළඹ සලා | Salaba Sala by Tashni Perera [2022]

Sinhala song lyrics with music notes illustration

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා

බඳ නලවා නේ – ඇස්වහ නෑනේ
තාලෙට පාද තබා
රැඟුම් පපා සල්සා නටන්නේ
රැඟුමට මාගේ – මොණරිය වාගේ
බලනවා ඔයා දිහා
නටා ගයා මගේ පරානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇස් ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා

මධුවිත පානේ – පදමට නෑවේ
ප්‍රේමය තලා පෙලා
එහා මෙහා ගියා කියානේ
කැරකෙන ලෝකේ – අරුමය වාගේ
එනවා හිනා වෙලා
කොලේ වසා වශී වෙලානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇහැ ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා

සළඹ සලා
මාගෙ හෘදේ පුරා
සළඹ සලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply