ආදර මල් පවනේ | Adara Mal Pawane by H.R.Jothipala

Sinhala song lyrics with music notes illustration

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා…. දුලීකා…. දුලීකා…. දුලීකා

වේදනා කන්දේ ඉඳලා
ආදරය දැක අත වනලා
සුළගේ පාවී සුසුම් හෙලාවී
දුලීකා …. දුලීකා …. දුලීකා …. දුලීකා
දුලීකා …. දුලීකා …. දුලීකා …. දුලීකා

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කවුදෝ දන්නේ කොහෙදෝ යන්නේ
දුලීකා…. දුලීකා…. දුලීකා…. දුලීකා

චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ
නැලැවී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනටදෝ කඳුළැලි මුහුදටදෝ

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා…. දුලීකා…. දුලීකා…. දුලීකා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply