මගේ හිතට | Mage Hithata by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා
මගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූ
මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි

මම ලියූ පෙම් කතාවේ සුරකුමරියක් උන්නා
ඒ කුමාරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා
මම හීනයක් දුටුවා ඔබ රුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැදි ආදරී ඒ ඔබම දැයි
මගේ ගීතයේ ඇවිත් ඔයා මගේ ආදරේ අළුත් කලා
මම ආදරේ වෙලා මට් හොරා ඒ ඔබටදැයි

සිහිනයෙන් දුටු කතාවේ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා
මම ලෝබනම් කෙරුවා ඔබ මට අහිමිවේයැයි කියා
මගෙ හිත්කොනේ බැදී ආදරී ඒ ඔබමදැයි

මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා
මගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූ
මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි

ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙත් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගේ හිත කොනිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply