හිත ළඟ දඟ කරමින් හීන ගෙනාවේ
මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ
ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියද කියන්න
මගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝ
මගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝ
කවුරුදෝ
ඔය ඉන වට දැවටෙන සළුපට
වෙන්නට මට ආසයි
ඔය තොල්මත රැඳෙන්න බිඳුවක්
නවතින්නට ආසයි
ඔබ දෙව්දුවක්ද
හිත ළඟ දඟ කරමින්
ඔබ දෙව්දුවක්ද
මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත නුඹ ළඟ නැවතුනා
නෑ මටවත් දැනුනේ
ඔබ දෙව්දුවක්ද
හිත ළඟ දඟ කරමින්
ඔබ දෙව්දුවක්ද