හිමි වේදෝ | Himi Wedo by Sayumi Mullegama ft. Dulan ARX

Sinhala song lyrics with music notes illustration

හිමි වේදෝ ආලේ නුඹ මාගේ
මම නේදෝ හීනේ ඉඟි දෑසේ
හිත හංඟා ඉල්ලා පානා ඒ නුරා
හිත රන්ඳා කැන්ඳා හීන චාරිකා

ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ, ඒ හීනේ මා වින්ඳා
ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ, ඒ හීනේ මා වින්ඳා

රෑ හීන පාරා ආයේ
මා නේද හීනෙ කීයේ
ආඩම්බරෙන් ඇස් කොඳුරන්නේ
පෑ මීන ආශා රෑනේ
මා ප්‍රේම හීනෙ ලීවේ
කවිකාරනම් ඇයි නොකියා ඉන්නේ

ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ, ඒ හීනේ මා වින්ඳා
ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ, ඒ හීනේ මා වින්ඳා

විශ්වාසේ ඇන්ද ඇලපිල්ලක් වැල්ලේ
ආල මතක මට මූදු රැල්ලක් කෙල්ලේ
නෙතින් නෙත බලාන ඔයා කිවුවත් එල්ලේ
දෙහදක කතාවක් නිමයි බැඳපු තැල්ලෙ.. ආහ්

ගිනි පෙල්ලෙන් බැට කෑවේ මං
ඔයාගේ ආලේ කණාමැදිරි එලියක් නම්.. yeah
නොගියත් ආයේ කතරගං
ඔයාගේ බැල්මෙන් ආයේ ආයේ මං අතරමං.. wooh

අතහැර ගන්න බෑ
දැක දැක නුඹෙ ආලේ
මතක මකන්න බෑ
මතකෙට එන ගානේ
හිතකට දෙන්න බෑ
දැන දැන දුකක් ආයේ
වෙස්සන්තර වෙන්න බෑ
දන් දෙන්න බෑ මට ආයේ

සංචිත සතුටේ වෙලා අවසානයක්
මේ බංකොලොත් හදට දෙන්න ආදර ණයක්
ගොඩගන්න මේ හද ඔයාට ඇති වරු හයක්
මට ඉන්න බෑ ඔයා නැති මානෙක එක පැයක්

ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ, ඒ හීනේ මා වින්ඳා
ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ, ඒ හීනේ මා වින්ඳා

written by Sahan Ginige, Dulan ARX

dulan arx,arx,dulan arx rap,dulan arx new song,sanjula himala,thank god,mullegama,hana,rura,athin allan,oshan dance,sinhala rap,dance,sinhala songs,sehani,manike,yohani,nesuna,oshan liyanage,munissama song,irushka bogoda,malsara,mal rap,rap malsara song,munissama wadune,sayumi mullegama,karoline,mal rap jathakaya,man chill eke inne,sl hiphop,rap songs,rapmalsara,veralu mal,hindi songs,senkadagala,inawe maane,rap malsara,music video

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply