රත්තර‍ං හෙලේනා | Raththaran Helena by Sameera J X Smokio

Sinhala song lyrics with music notes illustration

සේනා සමනල සේනා වනමල පේනා දෙසට ඇදෙන්නා..
ඒ හා සියුමැල්ලේ ආ මදනල සේ මා..
හමාවිත් හිදින්නම් විදින්නම් හිතින්වත් දුරින් ඉන්නෙපා..

රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා

පෙනෙන්නා පෙනෙන්නා ඈ සඳ සේම පෙනෙන්නා
කෙමෙන් මා කෙමෙන් මා ඈ ආදරේක වෙලෙන්නා
තෙමෙන්නා පෙමෙන් මා හා රෑ සයනේ මත්තේ දෙන්නා
කෙල්ලේ මා කෙල්ලේ මා.. රත්තරන් හෙලේනා

හෙලේනා නොතලා පෙති මලට මං එන්නම්
නොරිද්දා රොන්ගන්නම් මලෙන් මං
නොසන්සුන් අසංවර හිතේ
දැවෙන නොනිමි අශාවන් සිදින්න එන්නම්
ලබා ගත්තේ නිකංම නෙවෙයි මං
පරදාලයි තරගෙට එන්නං
හෙලේනා මං ගාවින් රැදෙයිනම් මං මේ ලෝකේ
කනපිට පෙරලන්නම්
පළඳන්නම් මුදු, වළලු, මාල රන් වන්
රකින්නම් කුරුමාන අල්ලන ‘වුන් පන්නන්
අතරමග තිබ්බත් කඳු පල්ලම්, අත්හරින්නැතුව ඉන්නම් මං අල්ලන් අතින්
සරසන්නම් වසන්නම් මලින්
තාරකාබර අහසක් අන්දමින්
ගන්නම් කරකාර මා රම්බරී,
ආත්ම ගානක් පතාගෙන ආ විලසින්
බාරගන්නම් බදාගෙන මා විගසින්
නෑ බෑ ලංසු කරන්නෑ මං මිලකින්
නුඹට දුන් ආදරේ අවසානයි සින්න වී
අවසානයි හිත දීලා.. SMOKA SMOKA SMOKA

පෙනෙන්නා පෙනෙන්නා ඈ සඳ සේම පෙනෙන්නා
කෙමෙන් මා කෙමෙන් මා ඈ ආදරේක වෙලෙන්නා
තෙමෙන්නා පෙමෙන් මා හා රෑ සයනේ මත්තේ දෙන්නා
කෙල්ලේ මා කෙල්ලේ මා.. රත්තරන් හෙලේනා

රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා
රත්තරං හෙලේනා

written by Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply