ආදරේ | Adare by Thisara Weerasinghe [2023]

Sinhala song lyrics with music notes illustration

ඇසේ දැවටෙන සුළඟ ආයෙත්
වැළඳ ගන්නට හිතෙනවා
හිතේ තෙරපෙන දහක් සිතිවිලි
කියාලන්නට හිතෙනවා
ඔහේ පාවුනු ජීවිතේ දැන්
මගේමයි මට හැඟෙනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
මගෙන් මං ගැන අහනවා

සුළං රැල්ලේ දැවටිලාවත්
ඇවිත් යන්නට හිතෙනවා
නළල් තලයට දෙතොල් ලංකර
හාදු දෙන්නට හිතෙනවා
පියානොපියෙන නෙතුපියන්යට
ඔබේ රූපය මැවෙනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා

සුසුම් අතරේ නිදන්ගතපෙම
හිතේ පත්ලට දැනෙනවා
ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්
කල්පයක් සේ හැඟෙනවා
කියා නොකියූ පෙම්හැඟුම්රස
හදේ උතුරා ගලනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා

written by Rushan Nishantha Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply