ආල කතා | Aala Katha by Nilan Hettiarachchi [2023]

අත්වැල් ලෙහාලා පාලුවක මා
ඈතින් තබාලා යාවීනම් ඔයා
මාදෝ මුලාවූ සිහිනයක රෑ
නොයෙනා හිතක් ආයේමත් හොයනා

ආල කතා ඇසුනා ඇසුනා
පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

නින්දේ මාගේ දෑසේ සෙවනැල්ලක් සේ..
හීන පුරා ඔබමයි ඒ පාවෙන්නේ..
හාදු ගෙනා මුහුණේ මතකය මැද්දේ..
මාව පවා මාගෙන් අමතක වෙන්නේ..

සඳ සේ පායා පෙරසේ ආවා නම් අද මා සැනසෙන්නා

ආල කතා ඇසුනා
ඇසුනා පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

අත්වැල් ලෙහාලා පාලුවක මා
ඈතින් තබාලා යාවීනම් ඔයා
මාදෝ මුලාවූ සිහිනයක රෑ
නොයෙනා හිතක් ආයේමත් හොයනා

ආල කතා ඇසුනා ඇසුනා
පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

written by Lasitha Jayaneththi Arachchige

Leave a Reply