ප්‍රේම මුද්‍රාව | Prema Mudrawa by Ishan H ft. Tharindu Damsara

Sinhala song lyrics with music notes illustration

බමන තුරුපත් සෙලවුණත්
මදනලක් හා නැලවුණත්
නොයයි සියොතුන් වළාකුළු විත්
සුළඟ සැඩයැයි නම් කළත්
ඇය නොඑන බව සැළවුණත්
රතු රෝස මල් මැළවුණත්
අප්‍රකාශිත බලා හිඳුමකි
ප්‍රේමයක් යැයි නම් නොලත්

ගුහාගත සිත වන වැදී සැඟවී
අවර්ණව මල් පෙති හැලෙයි හළුවී
අන්ධකාරෙක දෙනෙත් නොහැරම
අන්ධකාරෙට ඉඩ හරින ලද
මේ ශෝක නිද්‍රාවයි

ශිලාවක සටහනක් මෙන් ලියැවී
හුදෙකලා ආවර්ජනා පෙලකී
තනිව සරනා සිතක මුමුණන
ඇය නිසාවෙන් සිහින අමුණන
මේ ප්‍රේම මුද්‍රාවයි

written by Ruhunuketha Dhammadewa

tharindu damsara,tharindu,damsara,ithin a hamadema,sinhala songs,hansi sandamali,chamara,ruhunuketha dammadewa,new sinhala songs,numba nomathi dihawaka,dasa hari kansiyen,sasthara,sadakalika premayknam,thiyunuwan prabuddika,sadakalika,nadisha liyanarachchi,hithalu,ridmila mendis,kontha tharueli,lanka dilrukshi,lihiniyo,wara mala,sri lanka,dhammadewa,kasun kalhara,romeo,sanjula himala,kalpana kavindi,awileema,mandodari,ruhunuketha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply