බෑන සමනළේ | Baana Samanale Indapan by Tharindu D

Sinhala song lyrics with music notes illustration

කැලණි ගඟේ ඔරු බලන්න
බෑන සමනලින් බහින්න
සීත ගඟුලේ බැස ඇවිදින්
ගං දිය තුල කිමිද එන්න
සමනල් ගිරි මුදුන් නමැද
සමන් පිහිට රැගෙන ඇවිත්
ගං ඉවුරේ ලෑලි ගෙවල්
අතර බෙදා දී හිඳින්න

මහ සයුරට තව දුර නෑ
ගැඹුර තවත් ඒ වගෙ නෑ
ගං මෝයට ගොඩක් මෙහා
ලුණු රසයේ අඩුවක් නෑ
රස බලන්න දැන් පින නෑ
දිව ගාන්න හිතන්නෙපා
මහ ඉස්පිටිතාලෙ ඇඳන්
පිරී ගිහින් ඉඩක් නැතා

දිය දෝතක් බොන්න හිතා
ඉන්නවනම් සීත නිසා
යන්න යලින් සිරිපාදෙට
තාමත් දිය ගුණ ඇතුවා
කී දොහකට එහෙම වෙයිද
අපිනම් දැන් දන්නැතුවා
බෑන සමනොළේ ඉඳපන්
කැළණි ගඟේ ඔරු නැතුවා

written by Sahampathi Weerasuriya

tharindu damsara,tharindu,damsara,ithin a hamadema,sinhala songs,hansi sandamali,chamara,ruhunuketha dammadewa,new sinhala songs,numba nomathi dihawaka,dasa hari kansiyen,sasthara,sadakalika premayknam,thiyunuwan prabuddika,sadakalika,nadisha liyanarachchi,hithalu,ridmila mendis,kontha tharueli,lanka dilrukshi,lihiniyo,wara mala,sri lanka,dhammadewa,kasun kalhara,romeo,sanjula himala,kalpana kavindi,awileema,mandodari,ruhunuketha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply