හිත පාරනා කතා එපා කියන්න
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස
මොන දේ උනත් අනාගතේදි අපට
මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න…//
මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන
මළ හිරු බැස යන දවසක හවසක
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප
නොපැතුව මොහොතක සමු අරගන්නද…
අත් නොහැරී යමු කියලා – දිගු ගමනක් පියමැනලා
නැවත හැරී බැලුවම මා – බොහොම දුරයි අප දෙදෙනා..//
හිතුවේ නැති මොහොතක මා – තනි කෙරුවත් ඉවත බලා
කහට නැති මනස පුරා – මතක තියෙයි ඔබව සදා…//
written by Sajith V Chathuranga