නොපැතුව | Nopathuwa Mohothaka by Milinda Sandaruwan

හිත පාරනා කතා එපා කියන්න​
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස​
මොන දේ උනත් අනාගතේදි අපට​
මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න​…//

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​
මළ හිරු බැස යන දවසක හවසක​
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප​
නොපැතුව මොහොතක සමු අරගන්නද​…

අත් නොහැරී යමු කියලා – දිගු ගමනක් පියමැනලා
නැවත හැරී බැලුවම මා – බොහොම දුරයි අප දෙදෙනා..//

හිතුවේ නැති මොහොතක මා – තනි කෙරුවත් ඉවත බලා
කහට නැති මනස පුරා – මතක තියෙයි ඔබව සදා…//

written by Sajith V Chathuranga

Leave a Reply