රන් මුදුවක | Ran Muduwaka by Supun Perera [2024]

Sinhala song lyrics with music notes illustration

රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ

තනි යහනේ මා තැවෙනා හැම වාරේ
ඔබේ පහසේ මා සිහිනේන් සැනසෙන්නේ
මා තුරුලේ ඔබ නළවා සතපන්නේ
කවදාදෝ මෙ සිහිනේ එළිවන්නේ

දුක වාවා නගනා හසරැල්
දුටුවා මා නුඹෙ හද මනසින්
වියකි යන්නට පෙර රහසින්
මගෙ දෝතට ගන්නම් සෙනහෙන්

ප්‍රේමය මා වින්දා
නුඹේ ඇසුරේ නිවුනා
මුලු ජීවිතේම නුඹ මගේ හින්දා
අපි ආදරයෙන් ඉමු ලංවීලා

නෙතු පාරා ගලනා කදුලැල්
මා දෑතින් පිසආ සනසා
හද දවනා රිදෙනා මතකෙන්
නුඹ මුදවා රැකගමි සැමදා

ප්‍රේමය මා වින්දා
නුඹේ ඇසුරේ නිවුනා
මුලු ජීවිතේම නුඹ මගේ හින්දා
අපි ආදරයෙන් ඉමු ලංවීලා

රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ

written by Aradhana Ekanayaka

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply