මනස්කාන්ත | Manaskantha Sanchare by Ramiya ft. Supun Perera

Sinhala song lyrics with music notes illustration

ජීවිතේ රස වනාලංකාරේ
ගැයුවේ මඟ සහරා කාන්තාරේ…වගේ
වැතිරේ මනස්කාන්තා සංචාරේ
මිහිරේ රස විද්දන්නම් රෙගේ

දෙපය සෙලවෙන හඬක් නම් ඔන්න
සැපට ලෙලදෙන වදන් රැව්දෙන්න
තිතට මත නැති කලාවක් ඒක
දුක අදුර සුන් කලා මන් ඔන්න

ඉකි ගස ගස හඬ පලක් නම්වන් නැතේ
සතුට ටිකක් වත් දෙන්න
ඔසු රස මුසු කල යමක් මං ලඟ ඇතේ
සතුටු සිනාවක් එක්ක
නිසි කල විඳගමු සැපක් නම් ජීවිතේ
දුකට නිමාවක් නැද්ද
පසු කල විදවනු එපා බං හාමතේ
මේ ටිකේ

ආතත විතත විතතාතත ඝන සුෂිර
සංගීතේ රෙගේ විලාසෙට
පාට කරමු අපි මිතුර
රුසියාවට වඩා ලොකුම ඊර්ෂ්‍යාවල් දැන් පැතිර
මේවා අහලා පැනික් වෙලා
සමහර අය දානවා කතිර

හිසට උඩින් නිල් අහසට නිදහස මුසුවී එන සුලඟ
හතර වටෙන් අදුර කපාගෙන
ලොවට උදා හිරු එලිය
හිත ඇතුලෙන් පන්ති බෙදාගෙන
කට්ටි කඩා සංහතිය
තිත තියපන් කල්ලි කතන්දර
දුරු කර නොමිනිස් ගතිය

නිර්වාණය දුරස් නිදහසට පෙරමුණ
ගත් කල කාරණේ
වෙර දාගෙන දුරක් ගෙවාගෙන
ගිමන් නිවා යන මාවතේ
පොරකාගෙන කෙමිකල් ගහගෙන
වැනසෙන ලෞකික ජීවිතේ
අවසානෙට සොම්බි වෙලා
වැටි වැටි ඇවිදිති මිටියාවතේ

දෙපය සෙලවෙන හඬක් නම් ඔන්න
සැපට ලෙලදෙන වදන් රැව්දෙන්න
තිතට මත නැති කලාවක් ඒක
දුක අදුර සුන් කලා මන් ඔන්න

ඉකි ගස ගස හඬ පලක් නම් වන් නැතේ
සතුට ටිකක් වත් දෙන්න
ඔසු රස මුසු කල යමක් මං ලඟ ඇතේ
සතුටු සිනාවක් එක්ක
නිසි කල විඳගමු සැපක් නම් ජීවිතේ
දුකට නිමාවක් නැද්ද
පසු කල විදවනු එපා බං හාමතේ
මේ ටිකේ

ඉකි ගස ගස හඬ පලක් නම් වන් නැතේ ///

written by Ramiya

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply