මට කළ ආරාධනා | Mata kala Aradhana by Tehan Perera [2019]

හැගුමක රස මැවී
සීනෙක පා වෙවි ඉමී
ඉවසුම් නැති හදින්
ඉතිරෙන ආදරෙන්
කුමරියකගෙ මුවින්
ගැයෙනා මුදු හඩින් පෙමින්
අමතක වී සුසුම් තැවුල්
පැතුම ද ඉටු උනා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

කදුලැල්ලක් වත්
නෙතු මත නොරැදී
නූපන් සුසුම් නුනැගෙනා සේ
නුඹව රකිනවා
සෙවනැල්ලක් සේ
ඔබ ලගම රැදී
පපු තුරුල් උනුසුම් ගගුලේ
නුඹව දෝවනවා
පෙම් ගීතිකා හද පුරා
මගේ ප්‍රේමී නමින් ලියවුනා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

රැදුනා පැතුමන්
සිට පෙර භවයකදී
ඉවසුම් නොසන්සුන් වුනා
ඈ මගෙම වෙන තුරා
කවුරුත්ම නොවූ
දෙවිදුන් අතින් මැවූ
පෙරුමන් දැරූ පෙම් කතාවක්
මෙලෙස ඇරඹුනා
පෙම් ගීතිකා හදපුරා
මගේ ප්‍රේමී නමින් ලියවුනා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

 

Leave a Reply