ආදරේ කතාවක් | Adare kathawak Hansini Wimalsiri [2019]

Sinhala song lyrics with music notes illustration

නොකියනා කතාවක් හදවතේ හැංගිලා
ආදරේ රටාවන් දෙනෙත් අග ලියවිලා
අපි අපේ වුනු සැන්දෑකරේ අත් පටලවූ මල් මාවතේ
සිහින මල්කම් අකුරින් නුඹ ලියූ අපෙ ආදරේ කතන්දරේ

කියනවද ආදරේ සවනතට කොදුරලා
හොයනවද උණුහුමක් මගෙ හදට ලංවෙලා
අහනවද සෙනෙහසේ තරම තව විමසලා
ඉන්නවද සදාකල් මගෙම විතරක් වෙලා

සිහිනයේ මා වෙලාලා පාට ගා හැඩ බලාලා
නුඹ තනයි සිහින මාලිගේ හෙමි හෙමින් ලගට ලංවෙලා

ජීවිතය මටම දුන් නුඹ නමට ලියවිලා
ආදරෙන් ඉන්නෙමී නුඹ ලගට ලංවෙලා
ඈතකට නොමයමී කිසිදිනෙක පියඹලා
අහම්බෙන් මට ලැබුනු නුඹෙම වෙමි දිවිතුරා

සිහිනයේ මා වෙලාලා පාට ගා හැඩ බලාලා
නුඹ තනයි සිහින මාලිගේ හෙමි හෙමින් ලගට ලංවෙලා

 

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply