මිත්‍රයා | Mithraya by Smokio [2025]

Sinhala song lyrics with music notes illustration

ගිනිදැල්ලක දිස්නයත්
වැහි බින්දුවල ටිත් හඬත්
සොබාදහමත් නිස්කලංක
විටෙක ප්‍රතිබිම්භයත් මාගේ
නිරීක්ෂ විශ්වයත්
මා අතින් ඇන්ද චිත්‍රයත්
වේදනාබර රිද්මයත්
උනා කල්‍යාණ මිත්‍රයා මාගේ //

අතට හුරු වූ පෑන
දැනුණ හැඟුන දැක්ක දේ ලියන්න
පොතක පිටුවක් කොලේක හිස්තැනක්
අදහස් නිදහසේ කියන්න
අකුරු ගැළපිලා බැඳුණු සියලු පද පේළියක්ම
නපුරු නෑ මට තාමත් රකිනවා සැපේදිත් දුකේදිත් මාව

මා ගයනා වේදිකාව ඔසවයි මා කොහේ ගියත්
නොතියා ප්‍රහේළිකා නොකරවා මොළේ විකාර
දුෂ්ට වූ මොළේකින් ආව
ආකල්ප ලේ පිපාස
සටහනකින් පොතේ තියන්න හුරු නිසා ඉන්නෙ බේරිලා මං
අත් උස්සපන් බේරිලානම්
අත් උස්සපන් තේරිලානම්
නොදකින් නොතේරිලා නම්
අහෝ දලේයි ලාමා

තවදුරටත් වැරදි අහනවාද මමනං වැළලිලා මං
ආ පාරෙ හැරිලා යාං ඇතුල් උනේ පාරෙ වැරදිලානම්
තෝර ගත්තනං වැරදි පාර
උබ තමයි වැරදිකරුවා
ස්කන්ධය වැළලිලානම්
උබ ළඟ ඉන්නෙ වැරදි යාලුවා
වතුර තියෙනකල් විතරයි විලක ඉන්න කැමති මාලුවා
වතුර හිඳුනදා දෙවරක් නොහිත දානවා ක්ෂනික මාරු

ගිනිදැල්ලක දිස්නයත්…

සූර්යයා උදාවනා තුරාම පින්න වහිනවා
පදිනකල් ලු පාරුව සයුරෙ සෙලවිල්ල හරිද මා
කටින් හිනාව දාමින් හිත හිතා ඉන්නෙ මාරුවෙලා පනිනකල්
අපෙන් වෙන්න ඕනෙ කාරිය උනාම උගෙ ඇත්ත ආය එලියට පනිනවා

උට තිබහයි නම් තිරිසනාටත් කිරි පෙවීම හරි තමා
ඒ මුර්ගයා බං මතක නොතිබු දා ඌ බෙල්ලට පනිනවා
හරිම යාළුවා කියං හිතා ඉන්න එකාම අරිනවා
කවර කතාද මනයාකාර අවස්ථා දකිනවා සතිපතා

අවස්ථාවාදිම මනුසතා
උන්ගෙ ත්‍රස්ථවාදිකම් තහවුරු කළා
මනුස්ස ජාතියම ගරු කළා
ඌ සමස්ථ ජාතියම බලු කළා
සමස්ථ ජාතියම අළු කළා
ඌ සමස්ථ ජාතියම යයි අකුළලා
කර්මෙත් අදුරනවානෙ හොදට
යං දැන් පෙළට මරු කරා

සද්ධර්මෙ පවතින හරිම කාලෙත්
රට්ටු කොලේට වඳිනවා
අසන්නෙ සිහියෙන් නම් අනිමවාරෙන්
මේ බඩු මොළේට වදිනවා
මමත් මෙ බෙරිහන් දෙන තරම්
දැනෙන්නත් ලෝකෙට මදි තමා
ඒත් රටක්ම පාරට බහිනවානම්
සමත් මෙ ලෝකෙන්ම අපි තමා

written by Kevin Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply