හමුවෙන්නට ආයේ
තව දවසක් සොයනෙමි සංසාරේ
හුස්මත් මදි වාගේ
තවමත් නුඹ සිහිවන හැමවාරේ
මැකිලා මන්දාසේ
දැනෙනා තනිකම රහසේ
ගෙවිලා ගිය කාලේ
රිදෙනා මතකය නුඹගේ
සැඩ වරුසා ඇද හැලුනා
නුඹ ගියදා අහසින් මැකීලා
ලඟ නැතිදා උමතු වෙලා
මග බලනා සිහිනෙන් දැවීලා
තුරුලත දැවටීලා ගෙවුනා කාලය නොදැනී මා
තනිකම හිමිවීලා ගියදා නිහඬව හැරදා
ආදරයක මා හිමි නොවනා
හමනා සුලඟ පවා කවි කියනා
හමුවෙන්නට ආයේ…
මැකිලා මන්දාසේ…
සැඩ වරුසා ඇද හැලුනා…
written by Ansaf Ameer