රැස් බලන් | Ras Baan by Kenny Wolf [2025]

Sinhala song lyrics with music notes illustration

ආවේ උඹේ රැස් බලන්න නෙවේ මං

කියන වදනක් කියපන් ඩෝ මගේ ඇස් බලන්

මගේ ඇස් බලන්/ ///

පොඩිකාලේ හීන පාටකලා 

කොල්ලො අරගෙන පැස්ටල් 

ඒ හීන ලොකුවෙද්දි හීනම විතරක් වුනා නිසා 

Meth Crystal 

ගොඩක් දේවල්වලට මං උත්තර දුන්නේ හිනාවෙන් 

යාලු මගේ නක්කල් 

මගේ සින්දුව මං බලෙන් අස්සන්න හින්දි තනු 

කලේ නෑහෑ Sample 

Ayy! ජාතක වෙලාද පදුරුවල

වේදනාව නොදන්නේ කදුලුවල? 

මං කරන දේකින් ලබන්න ඕනේ මගෙන් පස්සේ 

එනවුන් ඇතුරුපල

තිබ්බට කැතම අකුරු මට

වදන් වලින් නම් වැඩි ලකුණු මට 

එදා අපි නැතුව ඉන්න බෑ කියපු අය 

ඉන්නවා දැන් අපූරුවට 

මේවා නිකන්ම නිකන් සින්දු නෙවේ 

මගේ ආත්ම ප්‍රකාශන

ඕන්නෑ මගේ සින්දුවක් රූපවාහිනීයේ 

වෙන්න නම් විකාශන

සමහර මිනිස්සු හලන්න හේතුවක් 

තිබ්බා සාදාරන

ඉපදුනේ ආසදේ කරන්න 

බැරි රටක මං රස්සාවට 

කටනම් වස්සන්න බැ 

මගේ කාටවත් තගදාලා

හෙට ගල් ගහන්නේ උඹට පිළිගන්න 

වුන් අද බෙර ගහලා

කාත් එක්කවත් ගන්න දෙයක් නෑ 

සෙල්ලමේ මට නම් පොරකාලා

Rappersලා තරම් පැනපු වුන් මට 

හම්බුන්නෑ ඉද්දිවත් කොළකාලා

ආවේ උඹේ රැස් බලන්න නෙවේ මං

කියන වදනක් කියපන් ඩෝ මගේ ඇස් 

ආවේ උඹේ රැස් බලන්න නෙවේ මං

කියන වදනක් කියපන් ඩෝ මගේ ඇස් බලන්

මගේ ඇස් බලන්/ ///

ගතවුනා වදන් මරලා මං සෙල්ලමේ බන්ධනාගාර

ඒ නිසා කරන්නෑ සෙල්ලමේ කාවවත් යාලු මං වන්දනාමාන

ඇඟිලි කපලාදාන, නිර්මානශීලිත්වෙ මරලාදාන

පාසල යනු නීතිගතකල බටලන්ද වගේ වදකාගාර 

තොපි පිටින් ‘මහත්මා’ ඇතුලෙන් ‘ගාන්ධි’ 

ලෝකෙට ඇත්ත වහද්දි 

බොලට විරුද්ධව දෙයි සාක්කි 

බොලගේ හෘද සාක්ෂි 

ආවේ කරලා වේදිකා නාට්ටි

තොපි ටෙලියෙන් පටන්ගද්දි

ඒ නිසා බලගෙන ඔය කවුරු 

කවුරුත් අපිගාව රගද්දි 

මල් Rappersලගෙන්

අංගුලි මාලයක් හදන්න තරම් මං ‘අහිංසක’

පොඩිකාලෙම කැඩුවා කොන්ද 

හැමොටම පුරුදු කරලා වදින්නට

වයසට යන පළියට වෙන්නේ නෑ ඩෝ පරිණත

මං ආස මට බලපත්‍ර නැතත් බර වාහන පදින්නට

ආවේ උඹේ රැස් බලන්න නෙවේ මං

කියන වදනක් කියපන් ඩෝ මගේ ඇස් බලන්

මගේ ඇස් බලන්/ ///

written by Kenny Wolf

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply