සිතින් මා නොසැලී | Sithin Ma Nosali by T. M. Jayarathna

සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්…
නිවා දැමූ ඒ නෙතේ පීඩා
නිබිඳිනූ මැනවී…

තනිව මා හඬනා වෙලාවේ
සැලී සැලී සීතේ…
වැටුණු මහා වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ…

තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ…
කඳුල මට කරුණා කරන්නැයි
අයදිමී නිබඳේ…

සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්…
නිවා දැමූ ඒ නෙතේ පීඩා
නිබිඳිනූ මැනවී…

Leave a Reply