Amma Sandaki / අම්මා සඳකි – T.M.Jayarathne

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි..
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී..
පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී..

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ..
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ..
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..

මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ..
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ..
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *