Mihimadale Anduru Kuse / මිහි මඬලේ අඳුරු කුසේ – Nanda Malani

මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා…

සිය දහසක් නෙක ලෝදා
එළිය කරන අම්මා..
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා…

මිහි මඬලේ අඳුරු කුසේ…

සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා…
උදා ගිරෙන් ලොවට වඩින..
ලහිරු මඬල අම්මා…

මිහි මඬලේ අඳුරු කුසේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *