සරුංගලේ | Sarungale by Harshana Dissanayake [2020]

Innocent childhood dreams and simple village joy.

Song Lyrics

සරුංගලේ උඩ අහසේ පාවී යනවා
ඉද්ද ගහේ මල් පිපිලා සුළගේ වැනෙනවා
මාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවා
මේ වාගේ අපට නැහැනෙ
කියල හිතෙනවා

දෙවැට දිගේ පොඩි හඳයා පැන පැන යනවා
පුංචි මාළු වරල් සලා පීනා යනවා
මාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවා
මේ වාගේ අපට නැහැනෙ
කියල හිතෙනවා

සෙල්ලම් බත් උයන්න මට එපා කියනවා
ගං දෑලේ දුව පනින්න එපා කියනවා
වෙල් එළියේ දඟ කරන්න එපා කියනවා
එපා එපා කියන කියුම් නිතර ඇහෙනවා

මට ආසයි මලක් වෙලා සුවඳ ගෙනෙන්න
වලාකුළක් වගේ අහසෙ පාවී යන්න
ගහට වැලට කුරුල්ලන්ට කතා කරන්න
අපිට අපේ පුංචි ලෝකේ ඉන්නට දෙන්න

සරුංගලේ උඩ අහසේ පාවී යනවා
ඉද්ද ගහේ මල් පිපිලා සුළගේ වැනෙනවා
මාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවා
මේ වාගේ අපට නැහැනෙ
කියල හිතෙනවා

Song Information

  • Song Title: සරුංගලේ (Sarungale)
  • Artist: Harshana Dissanayake
  • Lyrics: Ereen Jayasekara
  • Genre: Sinhala Folk / Children’s Song
  • Language: Sinhala


Song Summary

A gentle folk-style song that celebrates childhood innocence, sibling bonding, and the freedom of a simple village life.


Song Meaning

“සරුංගලේ / Sarungale” uses nature imagery—kites, flowers, rivers, and birds—to reflect a child’s pure imagination and desire for freedom.
The song contrasts playful dreams with adult restrictions, reminding listeners to protect and value the small, joyful world of childhood.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Sarungale?
Childhood innocence, freedom, and simple happiness.

Who wrote the lyrics of Sarungale?
The lyrics were written by Ereen Jayasekara.

What genre is this song?
It belongs to Sinhala folk and children’s narrative music.

Why is this song emotionally appealing?
Because it reminds listeners of carefree village childhood memories and sibling companionship.

Leave a Reply