එක් දිනක් | Ek Dinak by Mervin Perera

Sinhala song lyrics with music notes illustration

එක් දිනක් සැන්දෑවක මම
හිතවතෙකුට දුරකථනයෙන්
කතා කලා
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙලවර සිටි අගනක් කතා කලා

සුමිහිරි ලස්සන ඒ පියකරු හඩ
හදවත වසග කලා
ඒ කටහඩ යලි අසන නියායෙන්
යළි යළි කතා කලා
නම්බර දහසක් යොමුකර වූයෙමි
එද හමුවූයේ නෑ
කැලඹුන මා සිත
ඇතිවුනු සෙනෙහස ඉන් අඩුවූයේ නෑ
ඉන් අඩුවූයේ නෑ

එක් දිනක් සැන්දෑවක මම
හිතවතෙකුට දුරකථනයෙන්
කතා කලා
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙලවර සිටි අගනක් කතා කලා

මා මුමුණන මේ ගීතය
ලදුනේ සවනට ඇසෙනවා නම්
එවන් සැදෑවක ඔබ අමතනතුරු
ඉවසිල්ලෙන් ඉන්නම්
කොතනක කොයිබක
කවුරුන් වේවා
කටහඩ සවන පතයි
අමතනු මැන මට මගේ දුරකථනයේ
අංකය විසිහතරයි
අංකය විසිහතරයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply