උසාවිය සීතලෙන් මිරිකී
පැමිණිලි කූඩුව රෝසමල් ගැවසී
දහස්වරක් ශෝකය වැයූ වෙණතතින්
විත්තිකූඩුව මියැදී
මගේ ආදර අවනඩුව විසදී
ස්නේහ නගරෙක හෝරා යන්ත්‍රය
සිත්නෙත් සිත්නෙත් හඩදී
මහා කතාවක අකුරුවැල් ඇමිනී
අතීතය ගොලුවී
මතක නිදිගත් නිහැඩියාවක
අදිසි ලෙස හිදිමී
මුලාවෙමු අපි මගේ ආදර අවනඩුව විසදී
නන්නාදුනනා විනිසුරු අසුනක
හදවතක් තනිවී
ආදරයේ ප්‍රේමනීය මාත්‍රාවට
විරාමය ගෙනදී
නිදොස්කොට මා නිදහස් නොකරනු
හද සිපිරිගෙයි හීදී
මුලාවෙමු අපි අපේ ආදර අවනඩුව විසදී
Song Summary
A poetic song that portrays love as a courtroom trial, where emotions stand accused and the verdict leaves the heart lost in quiet reflection.
Song Meaning
The song uses the metaphor of a courtroom to describe a deeply emotional love story coming to an end. The cold courtroom, witnesses of sorrow, and silent past symbolize the heaviness of heartbreak and unresolved feelings. Love is treated like a case on trial, with the heart standing alone before unfamiliar judges, uncertain of justice or freedom. Memories fall silent, time pauses, and the lovers are left wandering in confusion after the “verdict” is delivered. The singer does not seek to be declared innocent or freed; instead, he accepts the emotional imprisonment that love brings. Overall, the song reflects the complexity of love, loss, and the quiet, painful acceptance that follows when a relationship reaches its end.