නිදි නේනා | Nidi Nena by Kalpana Kavindi

Sinhala song lyrics with music notes illustration

නිදි නේනා
හීන ගේනා
මට ඕනා
දෑස පේනා
සද පායා පායා රෑ
සිත අහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා

මගේ සොදුරු හැගුම සගවා සගවා
සිහින මවනවා
ඔබ ගැනම නිතර සිතලා සිතලා
දෙනෙත දිලෙනවා
මගේ එකම පැතුම
පාරා පාරා රහසෙම ඉකි බිදුනා
දවසක් දා
පාවී එනවද මා සොයලා
හිත හඩලා
සද පායා පායා රෑ
සිත අහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා

නෙතු කදුලු අතර
රදවා රදවා
දවස ගෙවනවා
ඔබ අහිමිවෙයි ද
සිතලා සිතලා
සිතම රිදෙනවා
දුර බලන බලන වාරය පාසා
සමනල සිත සැලුනා
දවසක් දා
පාවී එනවද මා සොයලා
හිත හඩලා
සද පායා පායා රෑ
සිත අහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply