තරු එලියේ | Tharu Eliye by Chandralekha Perera

තරු එලියේ

ඔබ හා මා ගිය දිනයේ..
සිත මා සුසුම් හැඟුම්
මැකුනා සේ..

රජ දහනේ

රජ කුමරිය වූ දිනයේ..
පැතුවේ ඔබේ ලොවයි
මතු දිවියේ…

සීතල පින්නට මගෙ හිස තෙමුනා

ඈතින් ඈතට මගෙ හිත යැවුනා
පුලුන් රොදක් සේ
මගෙ සිත මට දැනුනා…

රජ දහනේ

රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි
මතු දිවියේ..

වෙහෙස නිවා….
ඝන අඳුරේ
සිසිල සදා….
තරු එලියේ
පියමැනලා….
මල් ගොමුවේ
ඔබ දුටු දා….
මතක තියේ

ජීවිත කාලය ඔහු වෙත පිදුනා.
ආදර චන්දන සුවඳින් පිරුනා..
පිණි කැට මත ඔහු හා මා
තනි කෙරුනා…

තරු එලියේ,

ඔබ හා මා ගිය දිනයේ..
සිත මා සුසුම් හැඟුම්
මැකුනා සේ…

රජ දහනේ,

රජ කුමරිය වූ දිනයේ..

පැතුවේ ඔබේ ලොවයි
මතු දිවියේ…

Leave a Reply