මිදුලේ අතන | Midule Athana by Rookantha ft. Chandralekha

මිදුලේ අතන නංගෝ
කවුද හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගිමුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ

මිදුලේ අතන නංගෝ
කවුද හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගිමුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ

පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මං එන්න දෝ
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා
ඇවිදින් අල්ලන්න දෝ

තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ

සෙල්ලම් බත් උයලා
එකට බෙදලා කමුදෝ අපී
කවි ගී සින්දු වාරම්

දෑත අල්ලා කියමූ අපි

දැන් අම්මලා ඒවි දඟකාරකම්

හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රූප පැන්සල් අරන්
අඳිමූ අපි නංගියේ

පාට ගාලා රූප අඳිමූ

ගවුමේ දූලි ගෑවී කිලුටුවීලා අම්මා බනී
නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී

Leave a Reply