බුත්තල නත්තල | Buththala Naththala by Sadara Bandara [2020]

Sinhala song lyrics with music notes illustration

ගිනිකොන දිග ගිනි හුළඟ හමා එන
ඌවේ දෙසැම්බරේ..
සඳ එළියේ කුරගාමින් ඇදෙනා
ජුසේගේ ට්‍රැක්ටරේ
තිත්ත රසට උස ගිය මස් ගස් ඇති
උක් දඬු වනන්තරේ
නත්තල මැද්දේ බුත්තල ඉපදුණු
ජේසුගේ කතන්දරේ..

කට පුංචාගෙන් ඉඳහිට වෙඩි හඬ ඇහුණා
එඬේරු නැති ගොම්බානක ගෙජ්ජි බැඳලා තිබුණා
තරු නම් හිස් අහසේ ඔනේ තරම් දිලුණා
බිළිඳු හඬට මුලු වෙල්ලසම නිවුණා..

ගව මඩුවේ ඉපදුනත්
රජ මැදුරේ ඉපදුනත්
ගොයම් යායේ ඉලුක් ගාලේ
වනන්තරේ ඉපදුනත්
මේ ලෝකෙට ඉපදෙන්නේ
දෙවියන්ගේ දේව පුතෙක්

හැම මොහොතම නත්තලක්
හැම දිවියම ගවලෙනක්
හැම මොහොතම නත්තලක්
හැම දිවියම ගවලෙනක්
හැම මොහොතම නත්තලක්
හැම දිවියම ගවලෙනක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply