Voyage (මුහුදු ගමන) by Sadara Bandara [2020]

Sinhala song lyrics with music notes illustration

රෑ අහසේ තරු දිළෙද්දී
සීත සුළං රැල් ගත දැවටෙයි
සැඩ පහරට නැව ගැස්සෙද්දී
සුසිනිඳු පහසක අඩුව දැනෙයි
මධු බඳුන් ඈ ගෙන එද්දී
ඉන් මගේ උමතු දුරුවී
මධු විතින් ගත නැළවෙද්දී
මා වැළඳගන්න සොඳුරී

නෙත් කොනින් ඉඟි කරයි ඈ
රත් තොල් වලින් බිඟි කරයි
ලැසි ගමනෙදි බඳ සලයි ඈ
රෑ යහනට ඇරයුම් කරයි

ඇගෙ පහසින් ගත ගිනිගද්දී
තව කුමට මට රන් රිදී
මැරුණාවේ මා මැරුණාවේ
ඇගෙ ළමැදෙ හුස්ම හිරවී

පැදපල්ලා පැදපල්ලා පැදපල්ලා පැදපල්ලා
අර වෙරළ බලා

අපි එනවා අපි එනවා අපි එනවා කෙල්ලො සොයා

මධු විතින් ගත නැළවෙද්දී
මා වැළඳගන්න සොඳුරී

මැරුණාවේ මා මැරුණාවේ
ඇගෙ ළමැදෙ හුස්ම හිරවී

පැදපල්ලා පැදපල්ලා පැදපල්ලා
අර වෙරළ බලා

අපි එනවා අපි එනවා අපි එනවා කෙල්ලො සොයා

ඕඕඕ වෙරළ බලා
අපි එනවා අපි එනවා අපි එනවා කෙල්ලො සොයා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply