ඔබේ පා යුග දණ නමන්නට
ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
අපි ලැබූ පින් අපිට අද හිමි නෑ ….
අනේ අද අපි අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ….
අපේ ආගම අපේ කී ඔබ
අපේ ජාතිය අපේ කී ඔබ
අපේ දේශය අපේ කී ඔබ
අපේ ළඟ අද නෑ
අපේ හාමුදුරුවනේ
අපේ ලෝකය අපේ වූ ඔබ
අපේ ජීවය අපේ වූ ඔබ
අපේ දෑසග අපේ වූ ඔබ
අපේ ළඟ අද නෑ
අපේ හාමුදුරුවනේ