ලිවියා | Liviya by Deeptha Pathiranage ft. NST & Lil Neo [2021]

Sinhala song lyrics with music notes illustration

හිත මගේ රැදුනා
ඔය හැඩ රුව ගාවා
ලග දැවටෙන මායම්
දිලි දිලි නෙතුදෑ

තා ඉවසනු බෑ
ඒ නම ලිවියා
ඇය මගහරිනා
මට ඇයවම ඕනා

තව ඉවසනු බෑ
මා ඔබේ ලිවියා
සැමදා ලිවියා
මා හා

එන්න යන්න කෙල්ලේ
දුර පියාඹන්න මාත් එක්ක
ඇස් වලින් කිව්ව රහසක්
තොල් වලින් කලා නුඹ මට ඉගියක්
ඇන්දා නුඹ හිතේ චිත්‍රයක්
කරගත්තා ඒක නව පරිච්චේදයක්
මම මැව්වා සුන්දර හීනයක්
නලගනක් පරාදයි නුඹ
දෙව්ලියක්

කට කොනකින් නුඹ හිනාවෙනකොට
මගේ ඔලුව විකාරයි නන්නත්තාරයි
ඉග සුග පද්දන ඉටි රුව උඹේ
උඹ හරිම හැඩයි
හින්දි නිලියෝ පරාදයි
ගුලි වෙන්නට ආසයි නුඹ ගාව
හාදු වැස්සකින් මාව තෙමනවද
කෝල සිනා ඒ බොලද කතා
හැමදාමත් මාව වශී කරයි ද

ආදරේ තරම් සාගරේ
පොඩි එකෙක් වගෙයි
උඹේ දාංගලේ
නවත්තන්නේ නෑනේ කතන්දරේ
හරහට හිටියත් අපේ කේන්දරේ

සරාගි බැල්මෙන් පුච්චපං මාව
හිරිගඩු පිපුනා දැක්කම උකුල
ඉන්න දෙනවා නම් මට උඹ ගාව
හදවත ගලවලා දෙන්නම් අතට

කෙට්ටු ලෑලිකෑලී නෑනේ ඕනේ මට
මට ඕනේ මගේ චබී කෙල්ල
ඔයා ඉන්න හැමදාම මාත් එක්ක
ලැජ්ජවෙලා බිම බලාගෙන ඉන්න එපා
උතුරන්න කෙල්ලේ උඹේ ආදරේ මට නේද

එන්න කෙල්ලේ සුදු මුහුන
හාදු වලින් පුරවන්න
කන්පෙති තොල් වලින් හිරි වට්ටන්න
තාම මේක පටන් ගත්තා විතරයි කෙල්ලේ
මැනිකක් වෙලා නුඹ කලා ලෝකේ දිස්නේ

නැත්තන් නුඹ මගේ ලෝකේ
පිස්සෙක් උනා මම නිසා ආදරේ
ලස්සන නුඹේ ඇග ගැස්සෙන විදිහට
අතරමං උනා මං මේ සයනේ
පාලු මකන්නම් ජීවිතේ පුරා
හොදම යාලුවා ඒත් නුඹ තමා
ඉක්මනට වරෙන් වෙන්නෙපා පමා
කරගන්නම් මගේ ජීවිතේ සදා

හිත මගේ රැදුනා
ඔය හැඩ රුව ගාවා
ලග දැවටෙන මායම්
දිලි දිලි නෙතුදෑ

තා ඉවසනු බෑ
ඒ නම ලිවියා
ඇය මගහරිනා
මට ඇයවම ඕනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply