A reflective song about desire and karma.
Song Lyrics
තන්හාවෙන් මත් වෙන්නේ
මායාවේ පැටලී පැටලී
මනුදම් ගුණ නොතකන්නේ
සිත විඳවන්නේ
පෙර ආ කර්මේ
ලද පමණින් සැනසෙන්නේ
ආශාවේ රැහැණින් මිදිලා
ලෝ දම් නිති සුරකින්නේ
අප ගෙන යන්නේ
කරනා හොඳ වේ
මේ ලොව එළිය දකින හැම බිළිදම
මවු සෙනෙහස පතනව දිවි පුරාම
වැටහෙනකොට ටික ටික නැතිවෙන බව
මායාවක හිත පැටලෙයි දැන දැන
බැඳුණත් කෙතරම් මවු උණුහුමකට
ලෞකික ලොව තුල අස්ථීරයි එය
නිලතල ධනය, බලය, හට කිසි දින
වළකනු නොහැකී ලෝක ස්වභාවය
මොහොතක් නැවතී සිතන්න ඉදිරිය
අප වටකර ඇති ආශා සියල්ල
ක්ෂණයක් ඇතිනම් විනාශේ දකින්න
තණ්හා සිතමයි මුලා වන්නෙ හෙට
සිනහව කෙතරම් අරුමයක්ද ලොව
ඒයටත් මෙතරම් මැලිකම් කුමටද
සිංහල, ද්‍රවිඩ, කිතුනු, මුස්ලිම් හට
වෙනසක් නැත අස්ථීරයි ලෝකය
සුන්දර ලෝකයේ ලස්සන විදින්න
කාටද පුලුවන් සත්‍යම දකින්න
කෙනෙකුගෙ ජය හට සුබපතන්න
පුලුවන් හදකුයි උතුම්ම මිහිපිට
ආගමකට වත් හීලෑ නැතිනම්
සිතන්න බැරි හණමිටියො වගේනම්
මාස දවස් සති අවුරැදු ගෙවුනත්
කර්මය පලදෙන බවනම් සත්‍යක්
ජාතිය ආගම පැත්තක තියපන්
අපිටම අපිගැන හිතන්න බැරිනම්
කෙනෙක් මරා කුසගින්න නිවෙනම්
මරනින් පසු හරි විපාක දෙයි බන්
වටහා ගතයුතු සත්‍ය මෙයයි බන්
කවදා කොතැනක සැගවී සිටියත්
විපාක දියයුතු කාලය හරිනම්
කර්මය නිසැකව දෙනවලු පඩිසන්
Song Information
- Song Title: ආශාවේ (Ashawe)
- Artists: Rohitha Rajapaksa, Lil Neo ft. Dilki Uresha
- Release Year: 2021
- Genre: Sinhala RAP / Hip Hop Fusion
- Language: Sinhala
- Lyrics: Malini Liyanage & Chathura Dewmina
Song Summary
A thought-provoking song exploring desire, impermanence, morality, and the inescapable truth of karma.
Song Meaning
“ආශාවේ / Ashawe” describes how unchecked desire entangles the human mind and leads to suffering, while ethical living guides one toward peace.
The song reflects Buddhist-influenced philosophy—impermanence, karma, and moral responsibility—urging listeners to rise above greed, divisions, and illusion. It emphasizes compassion, self-awareness, and the certainty that actions inevitably bear consequences.
Frequently Asked Questions (FAQ)
Who performed “Ashawe”?
The song was performed by Rohitha Rajapaksa and Lil Neo, featuring Dilki Uresha.
When was Ashawe released?
It was released in 2021.
Who wrote the lyrics of Ashawe?
The lyrics were written by Malini Liyanage and Chathura Dewmina.
What is the theme of Ashawe?
The song focuses on desire (ආශා), karma, impermanence, morality, and social reflection.