මේ පිරිමි පපුවේ | Me Pirimi Papuwe by Ashan Fernando ft. Dilki

මේ වස්සාන සිහිනය පුරා
පෙම් හොරෙක් රහසේ අඩි තියා
මහ රෑ තිස්සේ හිරිහැර කළා
මගේ උන්මාද පෙම ඇහැරවා
ඔබෙ සෙවණට වෙලා දිවිතුරා
ඉන්නම් ඔබට ඇප කැප වෙලා

හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ
ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ…

පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ
හැඟුම් කිති කැවුණා නිස්කාරණේ
මේ පිරිමි පපුවේ නුඹට මිස ළඳුනේ
නෑ පෙම උපන්නේ සංසාරයේ
පෙරුම් පුරා ළං වෙලා ආත්මයම හැඩ කළා
උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා

හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ…

written by Dilan Gamage

worship songs with lyrics,christian songs with lyrics,hillsong worship,praise and worship songs with lyrics,gospel songs,non stop,worship songs,christian songs,gospel music,worship songs 2021,worship songs 2022,worship songs 2023,praise u0026 songs,top christian songs 2023 non stop playlist,worship music,praise worship music,praise worship,christian song,christian worship songs,praise and worship songs,praise and worship,praise u0026 worship songs

ආලේ වන්දනාවක් | Aaley Wandanawak by Dilki Uresha ft. Nadun

සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා
හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා
මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා
පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ

ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ
ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ

චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා
මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා
දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා
දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ…

written by Sandun Perera

රූ ධාරී | Roo Dhari by Dilki Uresha [2023]

මා දෑ දකී ඒ රූපේ

මා හර්දේ ශෝබන ගංගා
වෑහේවී ආලය හංගා
දෑසින් පානා හී සැර යැව්වා

මකරන්දේ සාරය ගිල්වා
ආශාවේ මා සිත දල්වා
සේයාවන් ඔබගේ මං සෙව්ව්වා

පායාවී සද ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා ///

හර සාරේ දෙපසේ පේනා
මනසාරයි නාදය ඇසෙනා
මං ආසයි හීනේ ලං වෙලා
මනලෝලී කෝමල සේනා
රන්දෝලී නර්තන ගේනා
නුඹ මාගේ නේදෝ යාවෙනා

සරාගී සලුපටලාලා
බලාවී ගත සොලවාලා
නුරාගී ප්‍රේමා මුලු රෑ
මත්වීලාදෝ මෝරා

පායාවී සද ඔමරී ///

written by Lasitha Jayaneththi Arachchige

dilki uresha new song,hithakin dilki uresha,nasunata mage dilki uresha,dilki uresha new music video,athakin dilki new song,nasunata mage dilki new song mp3,athakin atha gilihenna dilki new song,athakin atha gilihenna,athakin atha gilihenna new music video,aluth sinhala songs

මහ වරුසා | Maha Warusa by Jayss ft. Ravi Jay & Dilki Uresha

නුබේ ආලේ වෙලා
කරකාර හිනා
නුඹ නාඩා හිටපන්
වැහිලිහිණියේ

හිරුට හොරෙන්
නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා

ඡායා මකාලා
ස්වප්න මවාලා
සිත්විලේ කිමිදූ සදසාවී මා
මගේ රසින් නුබේ තොල් මත් කරාලා
කදුලූ මුතුකැට මාලයක් කලා ගෙල වට

සැගවේදෝ ඡායා
නුබ කොහෙද කියා හෙමින් බැලුවා

පෙර දින මගේ පැලෙ පෑයූ
සද
නුබ ඇඩුවද අද,හොරෙන් මට
පිළිකන්නේ පැදුරේ වැටිල හද එළිය
දිලිසේ,නුබේ වාවනු බැරි කදුළට

බලන් උන්න සිප ගන්න මගේ දරු පැටියා
ඇය නුබ වගෙ වෙන්න, ඇති හුරතල්
කිරි සුවද මොන වගෙද මගහැරිලා
පියෙක් වෙන එක අරුමයක් වගේ දැනුනා

මම ආවේ නුබ එක්ක ඉන්න බලන් හැමදාම
නුබ යනවද දැන් හැමදේ මෙ අතහැර
ඇය ගියේ තුන් මහ බලා එන්න මතුවට
නුබ දරාගත් දැනෙනා සංකප්ප

දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද
බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද
දවසක ඇවිත් මට ,තේරුම් කරන් සද
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද

කාලේ ගෙවීලා
රාග නිවාලා
හද උයනේ පරවුන මල මා
මා කවි වලින් නුබ මිදීලා ගියා
කදුලූ මුතු කැට වැටී බිදී ගියා
හිත් මානේ

මැව්වාදෝ මායා නුබ කිමද කියා
මගෙන් ඇහුවා

නුබේ ආලේ වෙලා
කරකාර හිනා
නුඹ නාඩා හිටපන්
වැහිලිහිණියේ

හිරුට හොරෙන්
නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා

written by Jayss & Indrachapa Ranathunga

සංසාර සංචාරයේ | Sansara Sancharaye by Dilki Uresha

හීනයක් වගේ
මට ඔබේ ආදරේ
ලෝබ කම් කලේ
ඒ නිසයි තුන් පැයේ
දයිවයෙන් තිලින වූ
ඔබේ උතුම් ආදරේ

සිතුවමක් වාගෙමයි
ස්වර්ගයේ

මගේ අවසානයේ ඔබ දිහා
රැකගෙන ලෝකයෙන් පිට වෙලා
යන්නට තිබේ නම් වාසනා
සැනසුම් වේවි නිවනට වඩා

මේ ආදරේ නිමා නොවේ
සංසාර සංචාරයේ

මගේ අවසානයේ ඔබ දිහා
රැකගෙන ලෝකයෙන් පිට වෙලා
යන්නට තිබේ නම් වාසනා
සැනසුම් වේවි නිවනට වඩා

written by Sajith V Chathuranga

dilki uresha song,dilki uresha songs,dilki uresha,dilki uresha new songs,dilki uresha new song,dilki uresh,dilki uresha cover songs,dilki new songs,uresha new songs,dilki uresha new music video,athakin dilki new song,hithakin dilki uresha,nasunata mage dilki uresha,nasunata mage dilki new song mp3,aluth sinhala songs,new sinhala song,hadawathata ekagawa dilki uresha,athakin atha gilihenna dilki new song,keshan perera,yash weerasinghe

හදවතට එකඟව | Hadawathata Ekagawa by Dilki Uresha [2022]

පව් නොපිරේවා
අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු
මේ දෙනෙතේ

හදවතට එකඟව
යමක් තියෙනවා කියාගන්න
මට ඔබකෙරේ
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද
කියා හිතාගන්න බෑ හෙට දිනේ

නොකිලිටි සයුරක
ගැඹුරුම පතුලක
මුතු අහුරක් තරම් දිදුලන
ඔබෙ මතකය ලඟ
අසරණ උන මට
හරි වෙහෙසයි බලා පෙරමග
මතුපිටින් සිනහා වෙන්නම්
ඇතුලතින් තුරුලු කර තනිකම

පූජාසනයක සඟවා
සුරැකිව අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස
තිබුණාදෙන් හිතේ නිසලව
සමු අරන් යන්න එහෙනම්
වාසනාවන්තියක් අසලට

පළමු හාදුව | 1st Kiss by Dilki Uresha ft. Kaizer Kaiz [2022]

ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්
සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්
නොකියා කියූ රහසක් හිතේ
අවතැන් උනු හීන කල්පයක්
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්

අපෙ පළවෙනි හාදුව
හාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්
මකා ගන්න හිතන් මගේ පාළුව
උඹේ මැරුණු හිතට දුන්නේ ප්‍රාණයක්

පන්සලක් වගේ හිත දන්සලක් කරන් උඹ වටේම බඩගිනි නිවනවද
උඹේ ආලෙට හාමතේ මැරෙන්න ගියොතින් මටත් කටක් උඹ කවනවද

උඹ ගන්නේ මම දුන්න හුස්ම
මුල අමතක උනොත් වැටෙයි ගහක් උනත් රූස්ස
වටේ නැතිවට නෙවෙයි ඉඹ්න්න පුෂ්ප
උඹේ සීතට හදට දුන්නේ මං උෂ්ණ

මං දුන්නු මලක් ගානේ උඹ ගලක් ගහපන්
ඇවිත් පුළුවන්නම් උඹේ රූපේ හිතෙන් මකපන්
උඹේ වැරදි මගේ පිටට අත ඇරපන්
ලෝකේ ඉදිරියේ බොරුවටත් අඬපන්

ලෝකෙට මමයි වැරදි කාර
ලියා ගනින් ඕන නම් මං හදපු පාර
හැබැයි කැන්දන් එද්දි ඊළඟ මොඩයාව
උඹ පිච්චේවි උණුවෙලා කරුමේ තාර

ලංවී | Lanvee by Nadeemal Perera ft. Dilki Uresha [2022]

ආයේ මුමුණන්න
මට ආදරෙයි කියා
වෙන්වී බැහැ ඉන්න
එක මොහොතක් නැතුව ඔයා

ඔබ වාගේ කවුරුත් නෑ
මට මේ වාගේ ආදරේ වෙලා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

ආදරේ ආදරේ
මේකද ආදරේ
ආදරේ ආදරේ
මේකද ආදරේ

දෙකොපුල් දිගේ මුහුන හැරෙනා
හැම සුසුමක් පාසා
මට ආදරේ දැනෙනවා

ඔය උනුහුම හැම මොහොතෙම
හදවත දවනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා

සද රැස් විලේ මාහා පිහිනා
රස හැගුමන් දෝවා
පෙම් සීමා විදිනවා

ඔය තුරුලෙම මං
හාදුමල් නෙලනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා

ආයේ මුමුණන්න
මට ආදරෙයි කියා
වෙන්වී බැහැ ඉන්න
එක මොහොතක් නැතුව ඔයා

ඔබ වාගේ කවුරුත් නෑ
මට මේ වාගේ ආදරේ වෙලා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

written by Sampath Fernandopulle

හඳපානේ | Handapane by Dilki Uresha [2022]

හඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේ
මගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේ
මේ අපේ වාරේ
හඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේ
මගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේ
මේ අපේ වාරේ

රාල එක්කලා පිටමන් වෙන්න වුනා
ගාලේ උන්නු නාඹරයත් එක්ක ගෙනා
ගෙජ්ජි බැන්දේ නෑ ගෙල වට සද්ද නිසා
අපි දෙන්නව කන්දට ගෙනියන්න පුතා

බතට කන්න බැරි බතලේ ගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
උනට කන්න බැරි උන්නස් ගිරි කන්ද
ඔබයි මාව රැකදෙන සමනල කන්ද

හඳපානේ.. හඳපානේ..
මගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේ

හඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේ
මගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේ
මේ අපේ වාරේ
හඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේ
මගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේ
මේ අපේ වාරේ

written by Lasitha Jayaneththi Arachchige

ඇහැළිය මල | Ahaliya Mala by Uzi Senadeera & Dilki Uresha

මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති
හවසක නිහඩව හැඩුවා
ඇහැලිය මල මම මද සුලගට
පවා සැලෙනා
නුඹ සැඩ සුලගකි මද එන බව
දැන සිටියා

හද හඩනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මද දැවුනා
රෑ නොනිදා නිදි වැරුවා
ඉකි බිදුනා

නිහඩ උනා රෑ නුඹ අමතා
නුඹගේ මුවේ හැටි තරහා
හිත තෙමුනා හඩ ඇසිලා
හිත රිදුනා

හොයනවා හීනෙක මාව
මුමුනන ගීතෙක රාව
කෙලෙසද අපි අපේ වෙලා
අද හමුනොවී දෙතැනක හොයනවා කාව

දුක දැක සතුටේ හිදින්නම්
මතකය තුරුලේ නිදන්නම්
ආලේ නිද්‍රාවක් නම් හීන දකින්නම්
මං ආයෙත් හොයයි නුඹ ඇහැරුනාම

ආලෙට තිව්වා තිතක්
කඩන්න බෑ මට තවත් හිතක්
ඇහැරිලා මං ඈතට යන්නම්
දෙන්න බෑ කදුලක් නුදුන් නිසා
කන්නකි නුඹ මං දෙන්න හොවාලම්
ප්‍රේමේ නම් නෙවෙ දන් දෙන්නම් හිසක්

රෝස තුඩක් වගේ
තියුනු බවින් පිරි
ආදරේ කියන්නේ අමුතු විසක්

රාගි දෙනෙත්
නිල්වන් කොපුල් මතින් හිනැහුනු
නුඹ හත් පෙති මලක් ය අද තමා සිහිවුනේ
අතින් ගිලිහුනු

දෑසින් රූරා වැටෙන්නෙ කදුලක්
ආලෙට කොහෙන්ද තව පතුලක්
දිය පොද දැක්ක දවසක්
පෙම්කල කතරක මා මොහයකින් පෙලුනු

හද හඩනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මද දැවුනා
රෑ නොනිදා නිදි වැරුවා
ඉකි බිදුනා

නිහඩ උනා රෑ නුඹ අමතා
නුඹගේ මුවේ හැටි තරහා
හිත තෙමුනා හඩ ඇසිලා
හිත රිදුනා

දෙනෙත් මත ආලෝකයක්ව පැතිරී
සියපතක් වගේ තව හිතක් ලගදී හිදී වැතිරී
වතාවක් වතාවක් ආයෙ මම නාවත්
දැන් කාලේ ගෙවුනේ මදුවිතිනි
අවසරයි තිතක් තියන් යන්න මතු
අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරි
ආලේ සිදිනි

සම්මතයක් වුවත් අසම්මතයක් වුවත්
දැක්කේ නෑ සීමාවක් උඹ වගේම රුවක්
මං ආයේපාරක් මට කියන්නේ කුමක්
දැන් මන්දන්නේ නුඹෙන් තොරවූ ලොවක්

හීන එක්ක මියයන
දවසක් නෑ යලි එන
ඉකි බිදි නැසුනත්
දයිවය සරදමක් නිසා
අවසන් ඇමතුමයි මම ඔබ අමතන

ලං වෙන්න ලං වෙන්න මං දැක්කේ
වෙනත් දුර හීන
අපි අපේ ලෝකේ හොයන් ආ මග
නැවතීය
අපේ පටුනෙන් ඇරබී
පිටුවෙන් පිටුව
සායම් බිදු විසිරීය
අපි අප කෙරේ තිබූ ආලේ මෙසේ
නිමවීය නොදැනීම

මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති
හවසක නිහඩව හැඩුවා
ඇහැලිය මල මම මද සුලගට
පවා සැලෙනා
නුඹ සැඩ සුලගකි මද එන බව
දැන සිටියා

written by Yashodha Adhikari & Uzi Senadeera