මා පුතේ | Ma Puthey by Kaizer Kaiz ft. Lil Neo [2021]

Sinhala song lyrics with music notes illustration

කෝමද මා පුතේ
රැප්පච්චි ආවා අයින් වෙලා ඉඩ දීපන් මාවතේ
මගේ රැප් ගියා දඩාවතේ
නොගියානම් මැරෙනවා හාමතේ
මම සින්දු කරා බර ගානක් නම්
මම හම්බ කරා ලොකු ගානක් බන්
ඒත් මැන්ඩිය අමතක කරේ නෑ මන්
කැරකිලා ගැහුවත් දැන් මාලක්කන්
අද වාගේ මතකයි මට මුල
බොහොම ස්තූතියි පොඩි ඉඩක් දුන්නට උඹලගේ හදවත් තුල
මන් සරුංගලේ රැප් නූල
ඒත් මෙච්චර කාලයක් උඩට ඇවිත් මන් උඩම හිටියෙ
මට හුළඟ දුන් නිසා රත්තරන් fans ලා ටික
නම කේසර ගම උඩරට
විනිවිද පේනවා බලපන් හදවතේ සිංහල කම
විශ්මිත බව අපේ රැප් වල ඉල්ල්නොයිස් සේනාව
වැදුනත් හතුරගේ වෙඩි පිට පිට නැති වුනේ නෑ කේසර ගේ හඩ
මිතුරන් කොතරම් හිටියත් ආදරේ හතුරට දිරිමත් කරාට
කයිසාණුකරනය කලවම්
ඉල්නාදේ රැප් කසාය
අපේ හතුරට මේවා ලෝදිය වුනත්
අපේ මිතුරට මේවා අමුර්තය
ලංකාවේ ඇවිදින්න මට ඕනේ වෙන්නෑ මාලීමාව
රජ වෙන්නේ කෝමද බන් වෙන රටක තියගෙන මාළිගාව

හදවතේ නෑ ගිනි
ළඟදිනම් වෙන්නෑ නිමි
Fans ලට පින් දිදී
බඹරු විද්දත් මම නගිනවා සීගිරි

හදවතේ නෑ ගිනි
ළඟදිනම් වෙන්නෑ නිමි
Fans ලට පින් දිදී
බඹරු විද්දත් මම නගිනවා සීගිරි


කලින් එක මැරුව නිසා ඇවිත් hearse
මැරුවද බලන්නත් වටවෙලා රැපර්ස්
දොසතර වගේ රැඟුවට උන් ඔක්කොම ටික male nurse
කියන දේ කියනවා තක්කෙට
උබලා ගැලපෙන්නෑ මගේ තත්වෙට
කැන්වසින් සංගීතේ ඡන්දෙට
කේසර කඩේ යන්නේ රැප් පක්ශෙට
බාර්ලීමේන්තුවේ කුණුහරප කියලා තිබ්බ ඇමති කම නැති වුනා
ඒ වැරදි හදාගෙන ආයේ ආව මන් සීයට තුන මගේ ලොකු කරන්
වදන් බෙදන රැප් දානපති
පිඟන් හිත් නම් රැප බාස්මති
රහ වෙනස් ව්‍යංජන උයලා ඇති
දන්සලෙන් කන්න කවුද අකමැති
උත්‍තර දීපන් ප්‍රශ්නෙට
ගින්දර වගේ මගේ රැප් ටික
බිත්‍තර රත් වෙන රස්නෙට
පුපුරලා පැටව් ගැහුවේ රැප් තරගෙට
දැන් තමයි එන්නේ ඩිස් එක
බොලා කරත් සින්දුවක් විනාඩි විස්සක
ඒකට වැඩියෙන් වචන තිබ්බා මගේ නිකන් ගහන කෙල රිත්තක

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply