නම්බුව | Nambuwa by KAALI [2021]

Sinhala song lyrics with music notes illustration

හිත හිතා නැගුන පද ගොතා ලියමි රැප්කතා මම සතා මම සතා උඹ වෙතා මම සතා හොඳ පුතා..

විය එක්තැන් වන්නට කරුමය මා වෙතා ආ පතා අනාත වූ කතා ගොතමි පතබෑවී ගාතය මත සතා..

පද පරසතු මලකට ගෙතුනේනම්..
මනසට රසකට වැදුනේනම්..
පොර වදනට තොට ඉඩනෑනම්..
පල අහකට තෝ.. කාපන්..

බිඳ හිරි තප්පය ඈ ඕගානම්..
සිඳි තප්පයෙ හිමිකරු හොරු වරුවේනම්..
රුවගුන ඇතිකත ලඟ පතිවත නැති සිත අවනත නැති කත ඒ කුලකේ බං..

පියුමට නිගරුව පියුමිය උඩයවනා තාලේ..
නැව්තොග විස තෙල් හංගන රට රිංගන වේලේ..
කෙලවෙනාත රජේක බැබලුනු මුතු ඇට සේලේ..
ගැලවෙන වේලේ උඹලා සමාජෙ ජාලේ මෝලේ..

සද්ද විද්ද පරපුරේය ඉද්ද ගසන රැපේ..
පද්ද පද්ද ගෙතෙන පද පේලි යසට කැපේ..
මද්ද ගහං ඇද්ද මමයි විද්ද හීය රැපේ..
සද්ද අහං ඉඳින් ඇද්ද මලෙන් ඉඳං සැපේ..

ගංජ කූර කියන තරම් සැපද අල්ල නල්ල..
නිංජ පාර දැවෙන තරමට විස අදින තල්ල..
මංජ සාර පෙවෙන අරුමෙට උඹ පොරද කෙල්ල තියං බැල්ල වගේ මෙල්ල කරුමෙට උන්ගෙවිඳ විල්ල..

වැනසි නසින වෙන සැකයෙන්..
පිනිස දැරුනු දරු කුසයෙන්..
තෙවනි ඇසින හොරු පෙනියන්..
ඉවසන කුසය තුලම උඹ නැසියන්..

නොවුපදින්න විස පිරි රටයේ..
නැවුපදින්න යන මස නැසියේ..
පල දරන්න එන ගස කැපියේ..
පස කපන් විකුන කන වෙසියේ..

කෘතිමය සංගත ගායනාව වුන..
අවරට යන ඝන ප්‍රෞඩ රැකුම හෙන..
ගසාන මකාන යන වින කරන්න ඉපදුන..
රැඩිකල් විකල් මනස් කර වෙන්න බියන් තව කටුපොල් තලාන..

ඉඳ රෙදි වෙලාන වලඳන් සවාන..
හිටපිය ඔබාන ජංගිම ලෙස රට හදාන..

මා ගෙල වෙලිය මොලය ගැලවිලිය..
අ ආ ඈ ඇලිය ගැලිය කෑ ගුලිය..
ජොලිය හිලය ලය පැලිය බලිය ඈ අමුතුය විසිකල සල්ලිය ඇහිලිය ලිය..
හෙන ජොලිය..හෙන ජොලිය.. එයි පොලිය..
වැලලිය බොල වැලලිය බොල..
මරු වැලය ගලිය වැලලිය..
බොල වැලලිය..
ලිය මරු වැලය..

දවට දවට දෙන කාරණ මෝරන මොලගෙඩි තඩි පීරන කරගන්නට බැරි දාරන පීඩන නොදරන එල්ලෙන නොදරුව රුවන ඉන්න ඝන බින්න..

බහින හෙන පොන්න ධන ඉන්න ගෙන මන්න කපන ඔලු ඔන්න කියං ආ..

යම පල්ලො ය කොලු ලොල්ලොය ලෙය විලය මහ බලය ලය පැලිය ඈ ඇලිය..

රටින්ම ගෙන්නිය හුස්මය අවනම්බුය අපි හාමත් ජාතිය අවනම්බුය කල බම්බුය අවනම්බුය..

අපි කල බම්බුය ගොන් නම්බොය අවනම්බුය ලොකු පොරවල් හට කිරි සම්බය ලොකු ලැම්බොය..

අපි ගෙම්බොය කරුමය බං පය සිම්බය අවනම්බුය බොටු කපාන මැරියංකො එය නම්බුය..

එය නම්බුය..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply