මං තනියෙන් | Mang Thaniyen by OOSeven [2021]

Sinhala song lyrics with music notes illustration

මං තනියෙන් ආවෙි
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නේ
කියන්නම් දේ මං යන්න කලින්
නම තියලා යන්නේ…//

කතාව ඉවරයි
කිව්වට තාම පටන් ගත්තා විතරයි
කබලෙන් වැටෙන්නේ ලිපට
අනුන්ට කරන්න ගියාම විතරයි
වැරදි වෙනවා ඇතත බොරුව වෙනවා
මිනිස්සු විතරයි

දන්නේ කට්ට කාලා
උඩට නැගපු අයම විතරයි

තාත්තාගේ ඇස් අම්මාගේ හිනාව
මට ලැබිලා දැන් දෙවෙනි වතාව
පෙනුනා රතු රෙදි මේක අන්තිම වතාව
වගේම දැනුනා

නිදි නෑ ඇසට ඔලුව කැරකී
මනෝ විකාර පෙනුනා
ඇහුනා කතා කල හැම වචනෙම
හදවතට දැනුනා

කාසිය ලගදි පැරදි
ඇයි හොයන්නේ වැරදි මං
මතක නැති වෙලාද
අමතක ඇයි සබදකම්

වැදුනා හිස දැන් කදුලු පිස
මං ආයේ එනවා නම්
මිතුරෝ හතුරෝ වෙන්නේ ඇයි
දැන් ඉන්නේ දැනං

බලාපොරොත්තු නිසා රිදවවීම
හංගන්නේ හීනේ මරණේ
මරනේ වෙන්න කලිං මං මරනේ දැන්වීම
වරද මුල අමතක වීම අහන්නේ අනුන්ගේ කීම
අමාවක දින හද බැලීම නොවැරදීම
පතන පැතුම හොදනම් සතුටුවීම

මං තනියෙන් ආවෙි…//

හිත හොද වැඩි මිනිස්සූ
කාලේ ගෙවී ගියා මිනිත්තූ
මතකය මාව හිනැස්සූ
අමතක කර පිලිස්සූ

මගේ පින්තූර නැ අපේ ගෙදර
මම ප්‍රශ්න ඇහුවෙම නිතර
උත්තර කො මං අතර
හිතේ තන්හාව නෑ මං මහත

ඕනවාට වඩා කරන්න ගියාම
කටවත් අපේ අගයක් නෑ
රුපියලේ කාසි වගේ සලකන්නේ
දවසින් දවස අගයක් නෑ
අදුරට සාප කරන්නෑ
මිතුරන්ට බාද කරන්නෑ.

සතුට හොයන්න
තමන්ගේ පාඩුවේ කාටවත්
කරන්නෙපා කරදර
ඕනේ නෑ අනුන්ගේ දේවල්

මටනම් දාගන්න ඔලුවට ජරමර
ඔලුව ගිනිගෙන ඉන්න වෙලාවට
මම නිදහසේ හවසක
පොලවේ ඉදගෙන මවයි
හීන හද මත

පා තබාවි දවසක
යකඩ දඩු රලු කන්නේ මලකඩ වෙන්නේ අලු
ලෝකෙම වහගෙන පැතිරෙන
ඇතිවෙන වසංගත දුම කලු

තිරය පිටුපස වැඩ කරන්නේ හැමෝම
දිනන්න තනිව හොර රහසේ
දකින්න වෙනවා විදින්න විදවපු අය
රලු අහසේ

වචනේ ගිනි ගන්නේ
හතට යටව දිය වෙන්නේ
දැන්නම් පිනි
එලිය වැටෙන තැනට
ඇදෙන්නේ හැමෝම
කියවන්නේ මලමිනි

අයාලේ යනවා හිත දැන් නිකන්ම
වෙනවා පේනවා යකාට බිලි
දුක මොකටද මගේ ලග
අද නැවතිලා
අරගෙන ගිනි

බිත්ති වලට කන්
ඉන්නේ කපුටෝ හතර අතේ
ඉන්නේ නපුරෝ හතර වටේ
නොදැන නෙමෙනේ මං හෝව්

රැවටී බලන්න ඕනේ රැවටෙන එකේ රගේ
හිතපු දේවල් උනා නම්
අද ඉන්නේ කොහෙද මං
කොහෙද මං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply