සුන්දර මැජික්කාරි | Sundara Magickari by Kasun Kalhara

Sinhala song lyrics with music notes illustration

සුන්දර මැජික්කාරි කොහෙදෝ
ඇදෙන්නේ නල රැළක් දිගේ
සුවඳක් බිගෝනියා යායේ
තවරලා දුවන්නේ
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා සැඟවුනා

මිදි යායෙන් හැරී ඔබ බලනා හැටී
හෙමින් සැදූ සිතින් එබී
රෙමලිනෝ ඔබගේ ආලේ හිතින්
දහසක් හදවත් මිදිලා තාමත්

දවසක් දා යළී ඔබ අහසට ඇදී
පුළුන් වළා රොදක් ලෙසින්
රෙමලිනෝ ඔබගේ මතකේ පාවී
කාටත් රහසේ නොපෙනී යාවී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply