ඇත්තට වැරදි මං | Attata Waradi Man by Master D

Sinhala song lyrics with music notes illustration

ඇත්තට වැරදි මං ඒ හැටි
අතට හවඩි නම් මට මදි
රිද්දුනු තැන කුලල් කා ගැටී
රැප් කඳ කරගහන් දුර යද්දී
ඉස්සර නගරේ දැන් ඉන්නේ ගමේ
රැප් වල කොල්ලන්ට රස්නේ දැන් වැටේ
සිත්තරෙක් නෙමේ මං සිංහලෙක් කරේගෙන
රත්තරන් කොල්ලෙක් දැන් ඉන්නේ මං ගමේ

විද්දට තැන් තැන් වල මල් සර හූ
අඩෝ දැම්මට රස්නෙට නයි කන ගූ
මම ඇල්ලූ අඩව්වට සංකර හූ
මගේ යාලුවෝ සෙට් එක කෝ දෙන්න හූ මට
තමන්ගේ මානේ තමන්ට සමානේ
අනුන්ගේ මානේ මම දන්නේ නානේ
මට වඩා හොඳ මම සමාජේ මගේ
රැප අරන් යන හැටි බජාරේ

ඇට්ටකුනා වෙච්ච පොල් ගහ මදි
උඹ රස්නේ කඩාගන්න පස්සට බනි
උස තට්ටු මනා මට රැප්පට මදි
උඹේ රැප හදාගන්න පඩියක් නැති
මෙහේ රස්නේ තමා රට ඔක්කොම එකයි
කට්ට තමා රට ෆට්ටම රස්සායි
මගේ ලස්සන රැප් පොඩ්ඩ වැඩ්ඩයි නුඹ පද්දයි
උඹ සිද්දෙක්ද කඩ්ඩෙන්ද පත්තරෙන් නෙමෙයි

සද්දෙට ඇහෙන්නේ තමන්ගේ හිත
ලස්සන කරන් දැන් වලත්ත ගත
හිත් දුර දිව්වද කරත්ත මන
මං රවට්ට ගන්නේම පෙන්නලා රැප
දැන් අනක් ගුනක් නැති රැපෙන් කොටක්
අර ටියත් බඳත් හරි මැදින් ගියා
රට පරට්ට වෙන්නම කලක් ගියා මගේ
රටත් ගඟේ ලොකු දුරක් ගියා බර
ලස්සන වචනේ නැග්ගුවා අතු
දුක්බර කතනේ රිද්දුවා හකු
මං දුරකතනෙන් දැන් කිව්වට බොරු
මං රැප් බඳ අද්දලා දුන්නේම යකූ
සාමල අමර පොත් තිබ්බා ගිනී
මං ඩිග්‍රිය තිබ්බඩෝ රැපට බිලී
අතුරේ නටලා සැපට වෙරී මං
රැප් කඳෙන් උඩට උඩට නගී

ඇත්තට වැරදි මං ඒ හැටි
අතට හවඩි නම් මට මදි
රිද්දුනු තැන කුලල් කා ගැටී
රැප් කඳ කරගහන් දුර යද්දී
ඉස්සර නගරේ දැන් ඉන්නේ ගමේ
රැප් වල කොල්ලන්ට රස්නේ දැන් වැටේ
සිත්තරෙක් නෙමේ මං සිංහලෙක් කරේගෙන
රත්තරන් කොල්ලෙක් දැන් ඉන්නේ මං ගමේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply