කන්දෙ වීරයා | Kande Weeraya by Vidula Ravishara [2021]

හෙළකුලේ අභිමන්… රැවුදෙවා ශිකරයන් ගුගුරුවා
තුඩු දෙමින් වැඩු මනු දමින්… ඒ හදින් නොනැවතී වගුරවා

අයුක්තියේ රුදුබල සින්දා
පිඩාදුන් කුලබල බින්දා
දුගියාගේ කදිරසුරින්දා
දුප්පතාට ඔහුයි නිරින්දා

කකියනා රක්ත ලේ… පුදදිදී ධනපතීන් පරදවා
ඒ බෙලෙන් අනුහසින්… සදාකල් නුඹ හෙළේ සැරදේවා

රැකවල් මුරකා දමා
වීරත්වය නසනු බෑ
අවධිවවු සිවුදෙසින් සැවොමා
අප යුතුකම් ඉවර නෑ

අයුක්තියේ රුදුබල සින්දා
පිඩාදුන් කුලබල බින්දා
දුගියාගේ කදිරසුරින්දා
දුප්පතාට ඔහුයි නිරින්දා

written by Vidula Ravishara

Leave a Reply