ගගනේ නීල සේලේ ඉරිලා
වරුසා වාලුකාවේ ගිලීලා
ඉන්ද්රචාපය බිඳී
පාට සායම් සිඳී
කෙසේ අඳිමී මගේ සිතුවම්
ආකාසයේ
මුලකුර ලීවා
රැයේ කවියේ පහනයි නිවුණේ
මංමුලා වී සරද්දී පායා පාර කී
තරුවයි දැවුණේ
ආකාසයේ
ගගනේ නීල සේලේ ඉරිලා
වරුසා වාලුකාවේ ගිලීලා
ඉන්ද්රචාපය බිඳී
පාට සායම් සිඳී
කෙසේ අඳිමී මගේ සිතුවම්
ආකාසයේ
සමුදුරු ජලයේ අතරමග ඔරුකඳ බිඳුණී
සීත හේමන්තයේ මාරුතේ චණ්ඩ වී
හිමකර මිදුණී
ආකාසයේ
ගගනේ නීල සේලේ ඉරිලා
වරුසා වාලුකාවේ ගිලීලා
ඉන්ද්රචාපය බිඳී
පාට සායම් සිඳී
කෙසේ අඳිමී මගේ සිතුවම්
ආකාසයේ