රන් ගුවනේ | Ran Guwane by Milton Perera

රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ
රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ
රන් දෙරණේ සහනය සදා දුන්
සුදු පියාණනේ සුදු පියාණනේ

ඔබේ සිරුරේ ලේ බිඳු දහදිය බිඳු වී
ගලා ගියේ ලොව දිවා රෑ
දුක වෙහෙස දැරූ සැප සතුට හුරු
බුදු පියාණනේ බුදු පියාණනේ

දූ පුතුනගේ යහපත පවුලේ හිත සුව වෙනුවෙන්
ඔබේ දිවි කැප කෙරුවේ
සිප් සතර පුදා යහමඟ පුබුදා
මගේ පියාණනේ මගේ පියාණනේ

දෙව් ලෝකයේ අධිපති සක් දෙවිඳුන් සේ
අප නිවසේ ඔබ වැඩ සිටියේ
සිතු පතු සැමදේ ජයබිම සැදු වේ
බුදු පියාණනේ බුදු පියාණනේ

රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ

Leave a Reply